ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් ප්‍රේමදාස දේශපාලන මෝඩයෙක් බව රනිල් කියයි

එ.ජා .පයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාලයකට සාකච්ඡාවක් ලබා දෙමින් පක්ෂය කඩා ගෙන යන තැනැත්තන් මෝඩයන්යැයි කියමින් සජිත් ප්‍රේමදාස හාස්‍යයට ලක් කළේය .මේ ගැන තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කඩා ගෙන යන තැනැත්තන් මෝඩයන්යැයි තමන්ට මුලින්ම කීවේ සජිත් ගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බවද පැවසීය .

සජිත් ප්‍රේමදාස ඔය කියන තරම් ජනප්‍රිය චරිතයක් නම් පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකළේ මන්දැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය .දැන් තම පක්ෂයේ සජිත් සාධකය ඉවර බවත් ඔවුන් පක්ෂයෙන් ඉවත් ව ගිය පසු තමන්ට නැවතත් සම්ප්‍රදායික එ.ජා.ප.ය විජයග්‍රාහී මාවතේ ගෙන යා හැකි බව ද රනිල් කීය.

තමන් සජිත් අගමැති අපේක්ෂකයා ලෙස නම් කර සිටියදී ඔහු පක්ෂයෙන් ගියේ වෙනත් අරමුණකින්යැයි පැවසූ රනිල් ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස අතර දැනට ජන්ද ලක්ෂ 26 ක පමණ පරතරයක් තිබෙන්නේයැයිද සඳහන් කළේය .ඒ නිසා පක්ෂය කැඩීමෙන් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්නාගේ අදහස සපල නොවන අතර රටේ ආර්ථිකය නිසි ලෙස හැසිරවිය හැකි කණ්ඩායම තමන් සමග සිටින බව ද පැවසීය .

Leave a reply: