සජිත් ප්‍රේමදාස ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ට දුක කියයි

මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් අරමුදල් වංචා සහගතව පරිහරණය කිරීම සම්බන්ධව චෝදනා ලබා සිටින එ.ජා .ප යේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස එම නඩුවෙන් ගැලවීම සදහා දිවයිනේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් අමතා පවු සමා කර ගැනීමට තැත් කරමින් සිටී .

දිවයිනේ නම ගිය ව්‍යාපාරිකයන් තිදෙනකුට මේ සම්බන්ධව කතා කොට ඇති සජිත් ප්‍රේමදාස තමන් මෙම නඩුවෙන් බේරා දෙන ලෙස හඩමින් ආයාචනා කර ඇත .ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමටද අවශ්‍ය බව සජිත් ප්‍රේමදාස කියා තිබේ .

එහෙත් එම ව්‍යාපාරිකයන් සජිත් ප්‍රේමදාස ගේ ඉල්ලීම සැණින් ප්‍රතික්ෂේප කර ඇත .

පසුගිය 2010-2015 රජය සමයෙහි ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රජයේ නිවාස 3ක් ඇතුළු කෝටි ප්‍රකෝටි ගණනක වරප්‍රසාද ලබා ගත් සජිත් ප්‍රේමදාස සිය සහෝදරියගේ හොර සල්ලි නඩුවෙන් ඇය බේරා ගත්තේද රාජපක්ෂවරුන් ගේ පිහිටෙනි.

එහෙත් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ගේ දුරකතන ඇමතුමකටවත් පිළිතුරු නොදුන් සජිත් දැන් කරන ලද බරපතළ මූල්‍ය අපචාරයෙන් ගැලවීම සදහා හතර අතේ කතා කරමින් ආයාචනා කරති .එහෙත් සජිත් සම්බන්ධව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන ලෙස පසුගිය රජයෙන් පීඩාවට පත් ප්‍රබල රාජ්‍ය නිලධාරීන් ඇතුළු බහුතර පොහොට්ටු සාමාජිකයන් ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා ඇත .

Leave a reply: