ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

සජිත් පිලට අලියාත් හංසයත් දෙකම නැති වෙයි ?

ඉදිරි මහ මැතිවරණය තරග කළ යුතු ඡන්ද ලකුණ පිළිබඳව පිළිබඳව තීන්දුවක් ගැනීමට නොහැකිව ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති ජාතික සමගි බලවේගයට අලියා සහ හන්සයා යන ඡන්ද ලකුණු දෙකම අහිමි අහිමි වීමේ අවදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මීට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ ලාංඡනය වන අලියා ලකුණ ජාතික සමගි බලවේගයට ලබා දීම ප්‍රතික්ෂේප කිරීමයි . ඔවුනට අලියා ලකුණ අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා සන්ධානයේද මහ ලේකම්වරයා බවට පත්කොට එයින් පසූව මැතිවරණය මෙහෙයවන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට මේ වනවිටත් දැනුම් දී ඇත.

අලියා නොමැතිනම් හංසයා ලකුණින් මහමැතිවරණයට තරග කිරීමට සජිත් පිල අනතුරු ව උත්සාහ කළේය.එහෙත් හංසයා ලකුණ හිමි පක්ෂය දැනට අයත්ව පවතින්නේ රවී කරුණානායක සහ ශාමිලා පෙරේරා දෙදෙනා නායකත්වය දරන පක්ෂයකටයි.එම පක්ෂයේ ලේකම් ධුරය දරන්නේ ශ්‍යාමිලා පෙරේරාය.ශාමිලා විසින් මෙම පක්ෂය මෙහෙයවනු ලබන්නේ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදිය .එම නිසා සජිත් පිලට හංසයා ලකුණ ලබා දෙන්නේ නම් ඒ සඳහා වන පූර්ව කොන්දේසි ගණනාවක් රවී කරුණානායක සහ ශ්‍යාමීලා පෙරේරා විසින් රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සජිත් පිලට ඉදිරිපත් කොට තිබේ .
එම සන්ධානයේ ලේකම් ධූරය ශ්‍යාමිලා පෙරේරා විසින්ම දැරිය යුතුය යන්න මූලික කොන්දේසියකි. එසේම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබා දීමේදී වැඩි කොටස රනිල්ගේ උපදෙස් මත රවි කරුණානායක විසින් ඉදිරිපත් කරන පිරිසට ලැබිය යුතුයැයිද ඔවුන් කොන්දේසියක් පනවා ඇත .නාම යෝජනා මණ්ඩලයේ බහුතර සාමාජිකත්වය තම පක්ෂයට ලැබිය යුතු යැයිද රවිලා සජිත් කණ්ඩායමට දැනුම්දී තිබේ .මේ ආකාරයට ඉටු කළ නොහැකි කොන්දේසි රාශියක් දමා සජිත් පිල දෙවන වතාවටත් සන්ධාන ලාංඡනය තුළ සිර කිරීමෙන් පසු රනිල් මෙම සටනින් ජයග්‍රහණය කිරීමට සැලසුම් කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග ප්‍රකාශ කරයි .ඒ සමඟම සජිත් ප්‍රේමදාසගේ බල අරගලය ද හමාර වනු ඇති බව ඔවුහු කියති .

Leave a reply: