ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් පිලට එක දවසේ අර්බුද දෙකක්

සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයට එකම දිනයේ බරපතළ අර්බුද දෙකකට මුහුණ දීමට සිදුවිය .

ඉන් වඩාත් බරපතළ අර්බුදය වූයේ සජිත් ප්‍රේමදාස සංස්කෘතික අමාත්‍ය පදවිය දැරූ යහපාලන ආණ්ඩු සමයේ රජයේ මුදල් නීති රීති වලට පටහැනිව සංස්කෘතික අරමුදලේ අරමුදලින් රුපියල් කෝටි 1100 ක් හෙවත් මිලියන 11,000 ක් අවභාවිතයයි.අනවසර ඉදිකිරීම් ,රැකියා සැපයීම්,අනවසර පරිත්‍යාග කිරීම් සහ තමන්ගේ අනවසර ප්‍රචාරක කටයුතු සඳහා සජිත් ප්‍රේමදාස මෙම අරමුදල් වැය කොට සංස්කෘතික අරමුදල බංකොලොත් කළ බව ඒ ගැන විමර්ශනය ට අග්‍රාමාත්‍ය කාර්‍යාලය පත් කළ මහාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත කමිටුවේ වාර්තාව කියයි.

තමන් දූෂිතයෙකු නොවන බවත් ආර්ථික විශේෂඥකු බවත් කියන සජිත් ප්‍රේමදාස ගේ මෙම ක්‍රියා කලාපයට එරෙහිව ළඟදීම නීතිපති විසින් අධි චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතය .

සජිත් පිල මේ සතියේ මුහුණ දුන් අනෙක් අර්බුදය වන්නේ ජන්දයෙන් පසු සිරිකොත අල්ලන බවට වහසි බස් දෙඩූ සජිත් පිලේ මන්ත්‍රීන් 56 දෙනෙක් සහ නගරාධිපතිවරුන් ,ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා ඒවායේ මන්ත්‍රීවරුන් 54 දෙනෙක් එ.ජා.පයෙන් නෙරපා හැරීම නිසා මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයයි.ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට නීතිමය හැකියාව ඇති බව සිවිල් අභියාචනා මහාධිකරණය ද තහවුරු කළ නිසා මින් ඉදිරියට සජිත්ලාට ඇති එ.ජා.ප හිමිකම් අහෝසි වී යයි .එය මහ මැතිවරණය ආසන්නයේ ඔවුන් ලැබූ බරපතළම පසුබෑමයි.

Leave a reply: