සජිත් පිලෙන් දේශපාලන නාට්‍යයක්

දෙකඩ වීමෙන් පසු ප්‍රබල බිදවැටීමකට ලක්ව සිටින එ.ජා .ප යේ සජිත් පිල රජය බිදවැටීමකට ලක්කිරීමට ත්,අපහසුතාවයට පත් කිරීමට ත් නව උපාය මාර්ගයක් සකස් කර තිබේ .මෙය සකසා ඇත්තේ සජිත් පිලේ ක්‍රම උපාය සැලසුම් කමිටුව විසිනි .සජිත් ප්‍රේමදාස ,චම්පික රණවක ,අජිත් පී පෙරේරා ,රන්ජිත් මද්දුම බණ්ඩාර ,තිස්ස අත්තනායක ,එස් .එම් .
මරික්කාර් ,හර්ෂ ද සිල්වා ආදීහු මෙම කමිටුව ට ඇතුළත් ය.ඔවුන්ගේ නවතම උපාය වී ඇත්තේ රජය කොරෝනා මර්දන වැඩසටහන සාර්ථක ලෙස ඉටුකරන නිසා ඊට එරෙහිව බොරුව පැතිර වීමය.ජනතාවට කන්න බොන්න පවා නැති බව තහවුරු කිරීමට දේශපාලන ජවනිකාවක් ද සැලසුම් කර ඇත .

ඒ අනුව ඇදිරි නීතිය නොමැති සෑම දිස්ත්‍රික්කයකම පාහේ සජිත් ප්‍රේමදාස එහි සංවිධායකයන් කැදවා රැස්වීමක් පවත්වයි.

එම රැස්වීමේදී සංවිධායකයන් සැලසුම් සහගතව සජිත්ට කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව ඇදිරි නීතිය නිසා කන්න බොන්න පවා නොමැති ව ඉන්න බවයි .ඉන්පසු සජිත් ප්‍රේමදාස ඒ ගැන සත්‍ය තත්ත්වය විමසා බලන්න ට අසල ඇති පන්සලකින් කරුණු විමසා බලමු යැයි ප්‍රකාශ කරනු ඇත .ඒ සමගම පිරිකරකුත් රැගෙන කලින් සූදානම් කළ පන්සලකට යයි .එහි රැස්ව සිටින එ.ජා .ප හාමුදුරුවරු සජිත්ට දුක කියද්දී ජනතාව හඩා වැටී කන්න බොන්න පවා නැති බව ප්‍රකාශ කිරීම ඊළඟ සිද්ධිය යි.

එබැවින් රට බේරා ගන්නට සජිත්ට වහා මැදිහත් වන්නයැයි ඉල්ලීම මෙම නාට්‍යයේ අවසන් ජවනිකාවය.

සජිත් ලා,චම්පිකලා,මරික්කාර්ලා සැදූ මෙම නාට්‍යයේ තිර පිටපත ගැන තවත් රසවත් තොරතුරු දැනටමත් රජයට ලැබී තිබේ .ඉදිරියේ දී ඒ සියල්ල හෙළිදරව් වීමට නියමිතය .

Leave a reply: