සජිත් පිලෙන් මන්ත්‍රීන් පහක් ආණ්ඩුවට එන්න සාකච්ඡාවක

සජිත් ප්‍රේමදාස ගේ සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීන් පස් දෙනෙක් ආණ්ඩුවට එක්වීම සඳහා තිරය පිටුපස සාකච්ඡාවක් ආරම්භ කර තිබේ .මේ අය අතර සජිත් පිල නියෝජනය කරන හවුල්කාර පක්ෂයක මන්ත්‍රීන් දෙදෙනෙක් ද වෙති.ඔවුන්ගෙන් සෙසු තිදෙනා බස්නාහිර පළාත නියෝජනය කරන බව වාර්තා වෙයි .

ඒ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මැතිසබයට පැමිණි කිහිප දෙනෙක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කිරීම සඳහා සූදානම් වෙමින් සිටී.ඒ අය මෙතෙක් පොහොට්ටුව සමඟ සාකච්ඡා ආරම්භ කර නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කළ පසු මේ අය පොහොට්ටුව ට එක්වෙන බව කියැවේ .මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ තමන් ළඟදීම පක්ෂ නායකත්වයෙන් විශ්‍රාම ගන්නා බවයි.

මේ ආකාරයට සජිත් පිලෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන කිසිවෙකුට ආණ්ඩුවෙන් විශේෂ තනතුරු හිමි නොවන අතර ඔවුන්ට කොන්දේසි විරහිතව රජය ට සහාය දිය හැකිය යන්න ආණ්ඩුවේ මතයයි .

Leave a reply: