සජිත් පිලේ අවුල මෝරයි

සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජනබලවේගයේ සජිත් සතු නායකත්ව බලතල සීමා කරමින් නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට තීන්දු විය.එම යෝජනාව ගෙන ආවේ රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් ඇතුළු හවුල්කාර පක්ෂ නායකයන් විසිනි .ඒ සමඟ සජිත් ප්‍රේමදාස ගේ බලතල සීමා කෙරෙන අතර පක්ෂය පාලනය වන්නේ නායකයන් 5 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයකිනි.

ඒ අතරතුර සජිත් පිලේ ප්‍රබල අනුග්‍රාහකයකු වූ අසාද් සාලි විසින් සජිත් ට එරෙහිව නඩුවක් පැවරීමට කටයුතු කරමින් සිටී.ඊට හේතුව ඔහුගේ පක්ෂය ට ලිඛිතව පොරොන්දු වී සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා නොදීමයි.සජිත් පිලේ කළුතර ප්‍රබල චරිතයක් වූ මතුගම සංවිධායක ජගත් විතාන වහාම ක්‍රියාත්මක වන පරිදි සංවිධායක ධුරයෙන් හා සජිත් පිලෙන් ඉල්ලා අස්විය .මේ සියල්ල මධ්‍යයේ සජිත් පිලේ තවත් ප්‍රබලයෙකු වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් සජිත් ට එරෙහිව යෝජනාවක් කර ඇත .සජිත් ප්‍රේමදාස ට පක්ෂය මෙහෙයවීමට තරම් නායකත්ව ශක්තියක් නැති බැවින් පක්ෂ නායක තනතුර සරත් ෆොන්සේකා මහතා ට පවරන ලෙස එමගින් ඉල්ලා තිබේ .

එම පක්ෂයේ මන්ත්‍රීන් ගණනාවක් අද හෙටම රජයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ට සහාය දීම සඳහා ආණ්ඩුව ට එක්වන අතර තවත් පිරිසක් රුවන් විජයවර්ධන සමඟ සාකච්ඡා කරමින් එ.ජා.ප යට අත දිගු කරමින් තිබේ .සජිත් පිල නිර්මාණය කිරීමට මුල් වූ චම්පික රණවක මහතා සජිත් සමඟ සියලු දේශපාලන සබඳතා නවතා පසෙකට වී සිටී.මේ නිසා සජිත් ප්‍රේමදාස ට පක්ෂය ඉදිරියට ගෙන යාම බරපතළ අර්බුදයක් බවට පත්වෙමින් තිබෙන බව වාර්තා වෙයි .

Leave a reply: