සජිත් පිලේ පසු පෙළ මන්ත්‍රීන් කඩිනම් මහ ජන්දයක් ඉල්ලති.

සමගි ජනබලවේගයේ පසු පෙළ මන්ත්‍රීන් කඩිනම් මහ මැතිවරණයක් ලබා දෙන ලෙස පක්ෂයේ නායකයන් ට කියන්නට පටන් ගෙන තිබේ .එහෙත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත .

කොරෝනා විපත හමුවේ ජනතාව තමන්ගෙන් දිගින් දිගටම සහනාධාර අපේක්ෂා කරන බවත් ඒවා දිගටම සැපයීමට අපහසු බවත් පවසන මන්ත්‍රීවරුන් සහනාධාර ප්‍රශ්න මත ජනතාව තමන්ගෙන් ඈත්විය හැකි බැවින් මැතිවරණය ඉක්මන් කළ යුතු යැයි කියති .පසු පෙළ මන්ත්‍රීන් හරි අඩකටත් වඩා මෙම මතය දරන අතර ඔවුන් කියන්නේ රජය කොරෝනා වසංගතය පාලනය කර ගනිමින් සිටින බැවින් ඒ නිසාද ජන්දයකට යාම උචිත බවය.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් මේ ගැන ඔවුන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ .එහෙත් මෙතෙක් සජිත් ඒ සදහා වෙලාවක් ලබා දී නැත .

ඒ අතර සජිත් පිල අගහරුවාදා මැතිවරණ කොමිසම හමුවේ කියා සිටියේ මහ මැතිවරණය තව දුරටත් කල් තැබිය යුතු බවයි .

Leave a reply: