සජිත් පිලේ ප්‍රබල චරිත හතකට විනය පරීක්ෂණ

එ.ජා .ප යේ සජිත් ප්‍රේමදාස පාර්ශවය නියෝජනය කරමින් නව සන්ධානයක් බිහි කිරීමට යාමේදී පක්ෂ විනය උල්ලංඝනය කළ බව කියන එ.ජා .ප ප්‍රධානින් විනය කමිටුව හමුවට කැදවා විනය පියවර ගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එ.ජා .ප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ට නියම කර ඇත .

ඒ අනුව සජිත් ප්‍රේමදාස ,රන්ජිත් මද්දුම බණ්ඩාර ,අජිත් පී පෙරේරා ,සුජීව සේනසිංහ ,කබීර් හෂිම් ,නලින් බණ්ඩාර ,අශෝක් අබේසිංහ යන මන්ත්‍රීවරුන් ට එරෙහිව ළගදීම විනය පියවර ගැනීමට එ .ජා .ප නීති කමිටුව සැලසුම් කර තිබේ .

පක්ෂ විනය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුනු ඉදිරිපත් කරන ලෙස මෙම පිරිස ට ලබන සතියේදී ලිඛිතව දැනුම් දෙන බව සිරිකොත ආරංචි මාර්ග කියයි .දින 14ක් ඇතුළත නිදහසට කරුනු දැක්වීමෙන් පසු පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් විනය කමිටුවක් පත්කර පරීක්ෂණ පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇතැයි වාර්තා වේ .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page