ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් පිලේ රැස්වීම් වලට ජනතාව නෑ

ආණ්ඩුවටත් කලින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ ප්‍රචාරණ රැස්වීම් ආරම්භ කළ නමුත් ඔවුන්ගේ ජන හමුවලට ජනතා සහභාගිත්වයක් නොවීමෙන් බරපතළ ප්‍රශ්නයක් ගොඩ නැගී ඇතැයි වාර්තා වෙයි .

පසුගිය දා සජිත් ප්‍රේමදාස කොළඹ අවට කැස්බෑව ,මොරටුව හා රත්මලාන ආදී ප්‍රදේශවල පැවැත්වූ ඇතැම් ජනහමුවලට සහභාගි වී සිටියේ සීයකටත් අඩු පිරිසකි.දෙහිවල කොලොන්නාව ජනහමුවලට දෙතුන් සීයක පිරිසක් පැමිණ සිටියහ .

මේ සතියේ ඔහු යාපනය ,මන්නාරම සහ වන්නි ප්‍රදේශවල පැවැත්වූ ජනහමුවලට 50 කට වැඩි පිරිසක් නොපැමිණි නිසා විපක්ෂය අසරණ තත්ත්වය ට පත්ව සිටින බව වාර්තා වෙයි .

විපක්ෂයේ ප්‍රබලයෙකු වන චම්පික රණවක හෝමාගම පැවැත් වූ එක් ජනහමුවකට පැමිණ සිටියේ 22 නෙකි .සුජීව සේනසිංහ කඩුවෙල පැවැත්වූ ජනහමුවට පැමිණියේ 47 දෙනෙකි.යූ.ඇන් පියේ කොළඹ ට තරග කරන රවී කරුණානායක උතුරු කොළඹ පැවැත් වූ ජනහමුවකට 400 ක් පමණ එක්ව සිටි අතර බණ්ඩාරගම අජිත් පී පෙරේරා ගේ එක්තරා ජනහමුවකට පැමිණියේ18 දෙනෙක් පමණ බව වාර්තා වෙයි .

පක්ෂයේ බෙදීම නිසා කලකිරී සිටින පාක්ෂිකයිනුත්, ජයග්‍රහණය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැති පාක්ෂිකයිනුත් පක්ෂය හැර ගොසිණි .එසේම සජිත් ප්‍රේමදාස ජන්ද වේදිකාවල කියන විහිලු කතා හේතුවෙන් ඔහුට ගෝඨාභය රාජපක්ෂ ට හෝ මහින්ද රාජපක්ෂ ට අභියෝග කිරීම තවත් කල්පයකටවත් කළ නොහැකි නිසා කලකිරී සිටින එ.ජා.ප හිතවාදීන් ට දේශපාලන ය තිත්ත වී ඇත .ඒ අතර මහ මැතිවරණයෙන් පසු සජිත් ළඟ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ට කොන්දේසි විරහිතව සහාය දීමට ඉඩ ඇති බවට ආරංචි පැතිර යමින් පවතී.

Leave a reply: