සජිත් පිලේ ලොක්කෙක් රිෂාඩ් අත් අඩංගුවට ගැනීම ට විරුද්ධ වෙයි.

චෝදනා ගණනාවකට සැක පිට හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සජිත් පිලේ ප්‍රධානියෙකු දැඩි විරෝධය පල කර තිබේ .ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේ ප්‍රධාන ආගමික ආර්ථික හා දේශපාලන උපදේශක එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ය.

ඔහු සිය විරෝධය ෆේස් බුක් සටහනකින් ප්‍රකාශයට පත් කර ඇති අතර රිෂාඩ් ට අසාධාරණයක් සිදුවූ බවට තර්ක කරයි.එය සජිත් ප්‍රේමදාසලාගේ පක්ෂයේ මතය බව සජිත්ලා එරාන්ගේ අදහස් ප්‍රතික්ෂේප නොකිරීමෙන් පැහැදිලි වෙයි .

රිෂාඩ් බදුර්දීන් ට විරෝධයක් පෙන් වූ මුජිබර් රහුමාන් ,එස්.එම් මරික්කාර් ,රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරුන් ද විපක්ෂය තුළ බදුර්දීන් වෙනුවෙන් පෙනී සිට අදහස් දක්වා තිබේ .කෙසේ වෙතත් දැන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා ට ඉදිරියේදී පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද ලැබී ඇති සාක්ෂි මත අධිකරණය හමුවේ චෝදනා එල්ල කෙරෙනු ඇතැයි වාර්තා වෙයි .පාස්කු බෝම්බකරුවෙකුට තඹ ඇතුළු අමුද්‍රව්‍ය සැපයීම ,සහරාන්ලාට රැකවරණය දීම යන චෝදනා රිෂාඩ් බදුර්දීන් ට එල්ල වී තිබේ .

Leave a reply: