ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් පිල ආණ්ඩුවේ නිරුවත හෙළි කරනවාලු…

කොරෝනා මර්දනය මුවාවෙන් රජය ප්‍රෝඩාවෙන් රට රවටා ඇතැයි සජිත් පිල චෝදනා කරයි.එම ප්‍රෝඩාව සහ ආණ්ඩුවේ නිරුවත හෙළි කිරීමට තම පක්ෂය ක්‍රියා කරන බව සජිත් පිල නිල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සවස ප්‍රකාශ කළේය.කොරෝනා රෝගයට රජය විසින් වර්ගවාදය මිශ්‍ර කර ඇතැයි සජිත් ප්‍රේමදාස දැඩි සිත් වේදනාවෙන් කියා තිබේ. එසේම කොරෝනා රෝග මර්දන වැඩසටහන නිසා රටේ ජනතාවගේ මූලික මානව හිමිකම් සියල්ල උල්ලංඝනය කර ඇතැයි ද චෝදනා කරති.

කොරෝනා රෝග මර්දනයට ආණ්ඩුව කරන ලද සියලු දේ අසාර්ථක බවත් පාර්ලිමේන්තුව කැඳවීම වහා කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස තරයේ සඳහන් කර ඇත .කෙසේ හෝ රජයේ අසමත් බව වසාගන්නට මාධ්‍ය ඔස්සේ බොරු වපුරන බවටද සජිත් ප්‍රේමදාස කණ්ඩායම සිය නිල නිවේදනය මගින් චෝදනා නගයි.

මෙම නිල නිවේදනයෙන් පසු ව මෙරට ජාතික සංවිධාන එකමුතුව රටේ ජනතාවට ප්‍රකාශ කර සිටින්නේ කොරෝනා වසංගතය එනවිට අද විපක්ෂයේ සිට ඝෝෂා කරන සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ රටේ නායකයාව සිටියේ නම් කොහොමවේදැයි සිතා බලන ලෙසය.අතීත අත්දැකීම් අනුව පැහැදිලි වන්නේ රනිල් කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස නම් කිසිම සැලසුමක් හෝ බුද්ධිමය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ගැන මෙලෝ හසරක් නොදන්නා කයිවාරු කාරයෙක් බවද ජාතික සංවිධාන එකමුතුව සඳහන් කර සිටී .ඔහුගේ තරම පසුගිය දිනවල කොරෝනාවට බෙහෙත් නියමකල අවස්ථාවේ රටේ මුළුමහත් ජනතාවම දැනගත් බව ද ජාතික සංවිධාන එකමුතුව සිහිපත් කරයි .

කොරෝනා රෝගය මර්දනය කිරීමට රජය සැලසුම් සහගතව ක්‍රියා කරන අවස්ථාවේ එමගින් ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේද කියා සජිත් ප්‍රේමදාස කණ්ඩායම මුලින්ම රටට පැහැදිලි කළ යුතුය.ලෝකයේ සුපිරි බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ දවසකට දහස් ගණන් කොරෝනා වසංගතයෙන් මරණයට පත්වෙද්දී අපි මේ තරමින් හෝ බේරී සිටීම ගැන සජිත් පිලට හිතේ අමාරුවක් තිබෙන්නට පිළිවන.එයට වෙනත් කිසිවකුට කරන්නට දෙයක් නැත. කොරෝනා මර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන ආණ්ඩුවේ නිරුවත හෙළි කරන්නට සැරසෙනවා යයි කියනසජිත් ප්‍රේමදාස කණ්ඩායමට පිළිතුරු දෙන ජාතික සංවිධාන එකමුතුව අවසන් වශයෙන් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ නිරුවත හෙළි කරන්නට පෙර තමන් රෙදි ඇඳගෙන සිටින්නේ දැයි සජිත් ප්‍රේමදාසලා විමසා බලන ලෙසය .

Leave a reply: