ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

සජිත් පිල ගෝඨාභය හමුවක්

සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ නියෝජිතයන් හෙට දින (සදුදා ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය .කොරෝනා රෝගයෙන් හටගෙන ඇති අර්බුදය ගැන සාකච්ඡාවකට තම පක්ෂයේ නියෝජිත පිරිසකට ජනපති හමුවක් අවශ්‍ය බව ට සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම හමුව සිදුවේ.

පසුගිය දා එ .ජා .ප යේ රනිල් පිල ජනාධිපතිවරයා හමුවී කොරෝනා මර්දනයට සිය සහාය පල කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාසටද ජනාධිපතිවරයා හමුවීමේ අවශ්‍යතාවය ඇති විය.

මෙම හමුවේදී කොරෝනා සහනාධාර බෙදීම දේශපාලනීකරණය නොකරන ලෙසද ,සියලු පක්ෂවලට සාධාරණව සලකන ලෙස ද ඉල්ලා සිටීමට සජිත් පිල අපේක්ෂා කරන බව එහි ප්‍රකාශකයෙක් කීය.මෙම හමුව සංවිධානය කිරීම ට පෙර සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබුණේ කොරෝනා රෝගයෙන් විපතට පත් ජනතාවට උදව් දීමට සිය පක්ෂය මේ සතියේ වෙනම අරමුදලක් ආරම්භ කරන බව ය.

Leave a reply: