සජිත් පිල දිස්ත්‍රික්ක තුනකදී බරපතළ පසුබෑමක

විශාල ප්‍රචාරක වාසියක් ඇතුව ආරම්භ කළ සජිත් පිල (සමගි ජනබලවේගය )මහමැතිවරණ පසුබිමේ දිස්ත්‍රික්ක තුනකදී ප්‍රබල පසුබෑමකට ලක්ව තිබෙන බව නවතම සමීක්ෂණ වාර්තා කියයි .අප වෙබ් අඩවිය විසින් මෙයට පෙර වාර්තා කරන ලද පොහොට්ටුවේ ජනමත සමීක්ෂණයේදී විපක්ෂයේ අභියෝග ගැන වෙනම විමර්ශනය කෙරුණි .එහි ප්‍රතිපල අනුව දිස්ත්‍රික්ක තුනකදී සජිත් පිල දැඩි ලෙස පසුබා ඇතැයි වාර්තා වෙයි .

කෑගල්ල ,මහනුවර ,ගම්පහ ඒ දිස්ත්‍රික්ක තුනයි.මෙම දිස්ත්‍රික්ක තුනේදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරන විට බොහෝ පසුපසින් සිටි එ.ජා.ප.ය හෙවත් රනිල් පිල සජිත් පිල ට ප්‍රබල තරගයක් දෙමින් ඉදිරියට පැමිණ තිබේ .මෙයින් කෑගල්ලේ සහ මහනුවර දිස්ත්‍රික් නායකයන් ඇතුළු ප්‍රධානීන් ගේ වැරදි මෙහෙයුම් නිසා පක්ෂය දැඩි ලෙස පසුබා ඇත .

ගම්පහට බලපා ඇත්තේ පාස්කු ප්‍රහාරයයි.පාස්කු ප්‍රහාරය ට උඩ ගෙඩි දුන් අන්තවාදී මුස්ලිම් දේශපාලඥයන් සමඟ සන්ධානගතවීම නිසා සජිත් ප්‍රේමදාස කෙරේ විශ්වාසය තැබිය නොහැකි බව එම දිස්ත්‍රික්කයේ දක්ෂිණාංශික කතෝලික ප්‍රජාව පවසයි .ඒ අනුව මෙම දිස්ත්‍රික්ක තුනේම සජිත් ට හා සමානව හෝ ඇතැම් විට ඊටත් වැඩි මනාප සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ කණ්ඩායමට හිමිවන බව පොහොට්ටු සමීක්ෂණයේ දැක්වේ.මේ හැර මාතර සහ මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ඉතිහාසයේ පළමු වරට විපක්ෂය (සජිත් පිල )ලබා ගනු ඇත්තේ එක් මන්ත්‍රී ධුරය බැගින් පමණක් බවද වාර්තා වෙයි .එහෙත් මහින්දලාගේ රාජධානිය වන හම්බන්තොටින් විපක්ෂය ට ආසන දෙකක් හිමිවීමේ ප්‍රවණතාවක් පවතී.

Leave a reply: