සජිත් පිල ප්‍රසිද්ධියේ චම්පික කපා දමයි.

සජිත් පිලේ නායකයෙකු ලෙස පෙනී සිටිමින් වෙනත් දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සජිත් පිලේ ජ්‍යෙෂ්ඨයන් චම්පික රණවක මන්ත්‍රීවරයා ට ප්‍රසිද්ධියේම දැඩි විරෝධය පල කළහ .මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සරත් ෆොන්සේකා ,ඉමිතියාස් බාකිර් මාකර් ,සජිත් ප්‍රේමදාස ,රන්ජිත් මද්දුම බණ්ඩාර හා හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරු චම්පික ගේ මුහුණටම ඔහුගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළෝය .

සජිත් පිල සමඟ සිටිමින් 43 කණ්ඩායම නමින් වෙනත් දේශපාලන බලවේගයක් ගොඩනැගීමේ අරමුණ කුමක්දැයි ඔහු තරයේම චම්පිකගෙන් ප්‍රශ්න කර ඇත .සරත් ෆොන්සේකා කියා ඇත්තේ එම බලවේගය මීළඟ ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නට ඉඩ ඇති බව යි.

ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රන්ජිත් මද්දුම බණ්ඩාර කියා තිබුණේ පක්ෂය තුළ විද්වතුන් ට ඉඩ තිබෙන නිසා වෙනම කල්ලි කණ්ඩායම් සෑදීම අනවශ්‍ය බවයි.මෙලෙස මන්ත්‍රීවරුන් ගේ දැඩි විරෝධයට ලක් වූ රණවක මන්ත්‍රීවරයා රැස්වීම අවසන් වීමට පෙර නැගිට පිටව ගොස් තිබේ .පසුව ඔහු මේ ගැන සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කරන බව ප්‍රකාශ කර ඇත .

Leave a reply: