සජිත් පිල හා රනිල් පිල සමගි කිරීමේ වෑයම අවුල් වෙයි

එ.ජා.පයෙන් කැඩී ගිය සජිත් පිල හා රනිල් පිල එකතු කිරීමට පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් දරන ලද උත්සාහය අඩාල වී ඇත .ඊට හේතු වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ සමගියට කැමති නමුත් පක්ෂය කඩාගෙන ගිය සජිත් ප්‍රේමදාස ට පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය හෝ වෙනත් තනතුරක් ලබා දීමට විරුද්ධ වීමයි.සජිත් දැරූ නියෝජ්‍ය නායක පදවිය වෙනුවට එ.ජා .ප යේ නියෝජ්‍ය නායක පදවි දෙකක් ඇතිකර රවි කරුණානායක ට සහ ජෝන් අමරතුංග ට එය ලබා දීම රනිල්ගේ සැලසුමයි.

පක්ෂය දෙකඩ වීම නිසා ජන්දය පරාජය වීමේ අනතුරට මුහුණ දී සිටින නවින් දිසානායක ,ලක්ෂ්මන් කිරිඇල්ල සහ දයා ගමගේ ඇතුළු පිරිසක් දෙපක්ෂයේ සමගියට කපුකම් කර ඇත .

මෙම මහ මැතිවරණයෙන් පසු දෙපක්ෂය එක්ව පාර්ලිමේන්තුවේ ක්‍රියා කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් කළ අතර රනිල් ඒ කිසිවකට සාර්ථක ප්‍රතිචාර දක්වා නැත්තේ ඔහු තුළ සජිත් ප්‍රේමදාස කෙරේ පවත්නා දැඩි විරෝධය නිසාය .ඉදිරියේදී එ.ජා .පය තුළ කෙරෙන ප්‍රතිසංස්කරණ වලදී රුවන් විජේවර්ධන හිටපු මන්ත්‍රීවරයාටද ඉහළ තනතුරක් පිරිනැමීමට රනිල් සැලසුම් කර ඇත .

කෙසේ වෙනත් සජිත් පිල තුළ මේ වන විට අර්බුදයක් හටගෙන තිබේ .එහිදී සජිත් ගේ දුර්වල නායකත්වය වෙනුවට බොදුණුවෙකු ලෙස රටේ පිළිගැනීමට ලක් වූ කරු ජයසූරිය ට එම තනතුර බාරගන්නා ලෙස කෙරෙන ආරාධනා වැඩිවෙමින් පවතී.

Leave a reply: