ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් පොල්ල තියයි. සජිත් පිල අනාථයි

එ.ජා .ප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නායකත්වය ලබා ගැනීමට සටනක් ගෙන යන සජිත් පිල යන එන මං නැති තත්ත්වයට පත්ව ඇතැයි සිරිකොත ආරංචි මාර්ග කියයි .ඊට හේතු වී ඇත්තේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්ව සටන පාවා දී කර හැරීම නිසාය .

සජිත් ප්‍රේමදාස ඉතිහාසය පුරාම අභියෝග බාර නොගත් පුද්ගලයෙකි .එලෙසම තමන් සමග සිටින කණ්ඩායම වෙනුවෙන් පෙනී නොසිටීමද ඔහුගේ චරිත ලක්ෂණයකි .මෙවර නායකත්ව සටන ගෙන ගිය කණ්ඩායමේ ප්‍රබලයන් වූ රන්ජිත් මද්දුම බණ්ඩාර ,හරින් ප්‍රනාන්දු ,අජිත් පී පෙරේරා ,සුජීව සේනසිංහ ,තලතා අතුකෝරළ ,රවි සමරවීර ආදි ප්‍රබලයන් සජිත් ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා බෙහෙවින් කලකිරී සිටින බව වාර්තා වේ .රනිල්ගෙන් පක්ෂ නායකත්වය නොලැබෙන්නේනම් අගමැති අපේක්ෂකත්වය බාර ගන්නේ නැතැයි කී සජිත් එම තනතුර ලබා ගැනීමට කිසිදු සටනක් කරන්නේ නැතුව සටන ගෙන යාම කණ්ඩායමට බාර දී අභියෝගය මගහැරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත .

පසුගිය කාලයේ සජිත් පිල ප්‍රකාශ කළේ රනිල් සජිත් ට නායකත්වය නොදේනම් විකල්ප පක්ෂයක් සාදා ඔවුන් වෙනම සන්ධානගත වී මහ මැතිවරණයට තරග කරන බවයි.එහෙත් සාස්තරකරුවෙකුගේ උපදෙස් මත සජිත් එම කටයුත්ත අතපසු කරමින් සිටී .එසේම පසුගිය රජය කාලයේ ඔහුගේ අමාත්‍යංශය විසින් පවත්වා ගෙන ගිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 300ක පමණ මුදලක් රජයේ නිසි අනුමැතියකින් තොරව හිතුමතේ වියදම් කිරීම නිසා පොදු දේපළ වංචාවකට හසුවී සිටින සජිත් බෙහෙවින් බියට පත්වී ඇතැයි වාර්තා වේ .මෙම වරදට නීතිය ඉදිරියට ඔහු පැමිණුවහොත් බන්ධනාගාර ගත වීමට හෝ විශාල දඩයකට යටත් වීමට ඔහුට සිදුවේ.එබැවින් නායකත්ව සටන අමතක කර කල් මරමින් සිටින්නේයැයි සජිත් ට සජිත් පිලේ ප්‍රබලයෝ චෝදනා කරති .

Leave a reply: