සජිත් බෙදුම්වාදීන් ගේ කොන්දේසි පිලිගනී-උතුරේ තැපැල් ජන්දය සජිත් පිලට…..

 

ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමට නියමිත දිනය ලබන 31 වැනිදාට යෙදී ඇති බැවින් දෙමළ ජාතික සන්ධානය ලබන 24 වැනිදා ඔවුන්ගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ .

මේ සදහා දෙමළ සන්ධානය ඉදිරිපත් කරන ලද රට බෙදන කොන්දේසි 13ට සජිත් පාර්ශ්වය තිරය පිටුපස සිට එකගතාව පලකර තිබේ .එම එකගතාවයේ ප්‍රතිඵලයක් ලෙස උතුරේ තැපැල් ජන්දය සජිත් පාර්ශවයට පක්ෂව ලබාදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ස්වකීය අනුගාමිකයන්ට දැනුම් දෙනු ඇත .

රට බෙදන කොන්දේසි කිසිවකට තමන් එකග නොවන බව සජිත් ප්‍රේමදාස පුන පුනා ප්‍රකාශ කළද දෙමළ සන්ධානය ඔහුට සහාය පල කරන්නේ එකී කොන්දේසි සියල්ල පිළිගත් නිසා බව දැනගන්නට ඇත .

උතුරු නැගෙනහිර නැවත එක් කිරීම ,උතුරේ හමුදා කදවුරු ඉවත් කර ෆෙඩරල් පාලන ක්‍රමයක් පිලිගැනීම ,බොදු සිද්ධස්ථාන උතුරෙන් ඉවත් කිරීම ආදී බරපතළ කොන්දේසි දෙමළ සන්ධානය ඉදිරිපත් කර තිබූ අතර සජිත් ප්‍රේමදාස එම කොන්දේසි පිලිගෙන ඇත්තේ නියත මැතිවරණ පරාජයෙන් ගැලවීමේ මගක් වශයෙනි .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page