ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සජිත් රෑ දොලහට නිවෙස් වලට එනවාලු.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබන අගෝස්තු මස පස් වැනි දින අග්‍රාමාත්‍ය ධූරයට පත්වන බවත් ඉන්පසුව සෑමදාම රාත්‍රී දොලහට නගර වල පිරිසිදුකම පරීක්ෂා කිරීමට පැමිණෙන බවත් ප්‍රකාශ කළේය. මුලින්ම මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට තමන් පැමිණීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කීය.

දේශපාලන වේදිකාවේ කදිම විහිලු සපයන්නෙකු ලෙස ප්‍රකට සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදීත් තමන් රෑට රෑට හොරෙන් නිවෙස්වලට පැමිණ ජනතාව ගේ දුක සැප සොයා බලන බව පැවසීය.එසේම ඕනෑම රැයක බොත්තමක් ඔබාපවුල් සෞඛ්‍ය සේවිකාවක ගෙදරට ගෙන්වා ගන්නට ක්‍රම සම්පාදනය කරන බවද ඔහු ඒ දිනවල සඳහන් කර තිබිණි.එසේම තමන්ගේ ඇන්ජිම සහ මෝටරය හොඳ බව කියමින් දිනක් ඔහු තම ශක්තිය පෙන්වීමට චන්ද වේදිකාවෙන් බිමට පැන්නේය. ආරක්ෂක අංශ අසල සිට ඔහු අල්ලා ගත් නිසා කොන්ද නොකැඩී බේරුණු බව ඒ අවස්ථාව වාර්තා කල මාධ්‍යවේදීහු සඳහන් කලෝය.

තමන් මෙවර අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ පසු රාත්‍රී කාලයේ ද සේවය කිරීමට බලාපොරොත්තු වන නිසා රජයේ නිලධාරීන්ට ඒ අනුව හැඩගැසෙන්නට සිදුවන්නේ යැයි ඔහු කියා තිබිණි.මෙවැනි අනුවණ කතා නිසා සජිත් ප්‍රේමදාසට ලැබෙන්නට තිබෙන රාජ්‍ය සේවක ඡන්ද ටික ද අහිමි වන බව ඇතැම් රාජ්‍ය සේවකයෝ ප්‍රකාශ කරති. දේශපාලන නායකයෙකු ලෙස ජනතාවට විහිළු සැපයීමේ සීමාවක් තිබේ. තමන් අගමැති වූ ව පසු එක් පවුලකට රුපියල් 20,000 ක ආධාරයක් ලබා දෙන බව සජිත් තවත් ස්ථානයක කියා ඇත.මෙවැනි ඉටු කළ නොහැකියි විහිළු සහගත පොරොන්දු ජනතාව හමුවේ ප්‍රකාශ කිරීම නිසා සජිත් ප්‍රේමදාසටමෙතෙක් හිමිව තිබූ ප්‍රසාද ඡන්ද ද අහිමි වෙමින් පවතින බව සමීක්ෂණ අංශ පෙන්වා දී ඇත.

තමන් බෞද්ධයකු යැයි නිතර නිතර ප්‍රකාශ කරන සජිත් මේ දිනවල දිනපතා අන්‍යාගමික පාස්ටර් වරුන් කිහිපදෙනෙක් සිය නිවසට කැඳවා ආගමික පුද පූජා පවත්වමින් ආශිර්වාදය ලබා ගන්නා බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.එම කටයුත්ත සංවිධානය කරන්නේ ඉරාන් වික්‍රමරත්න නම් එක්තරා ආගමික කල්ලියක නායකයෙක් වන හිටපු මන්ත්‍රීවරයකු විසිනි. දිනපතා මෙලෙස පාස්ටර් වරු නිවසට ගෙන්වීම ගැන සජිත් ප්‍රේමදාස ගේ මව වන හේමා ප්‍රේමදාස පසුගියදා එරාන් වික්‍රමරත්න ට දැඩි ලෙස බැණ වැදී පන්නා දැමූ බවද වාර්තාවෙයි.

සජිත් ප්‍රේමදාස හමුවීමට ඔහුගේ නිවසට යන සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට ද මෙම පුද පූජා පැවැත්වෙන අවස්ථාවේ සජිත් ඒවා හමාර කොට නිවසින් බැහැරට පැමිණෙන තෙක් පැය ගණන් රස්තියාදු වීමට සිදුවී තිබේ .ඒ ගැන ඔවුන් ද දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය .

Leave a reply: