සජිත් සැඟවෙයි.

විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සටනක් දී ගත නොහැකිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සැඟව සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි .දින හතක් තිස්සේ ඔහු ආගිය අතක් සොයාගන්නට සජිත්ගේ පක්ෂයේ ලොක්කන්ට ද හැකි වී නැත

රට පුරා උද්ඝෝෂණ සම්මන්ත්‍රණ විරෝධතා පෙළපාලි පවත්වා විස්ස පරද්දන බවට පාරම්බෑ සජිත් හදිසියේම අතුරුදන්වීම ගැන ඔහුගේම පක්ෂයේ ප්‍රධානීන් කනස්සල්ල පළ කරති .අවසානයේ සජිත් සැඟව සිටි තැන සොයා ගත්තේ කවදා සූර කපටි දේශපාලනඥයකු මෙන්ම සජිත්ගේ දේශපාලන පස මිතුරා වන එජාප නායක රනිල් වික්‍රමසිංහ විසිනි.රනිල්ට අනුව සජිත් ව්‍යවස්ථා විරෝධය අකුලා දමා යාල කැලේ බංගලාවක සැඟවී සිටිමින් වන සතුන් අරඹන බව වාර්තා විය. සජිත් මේ ආකාරයට සැඟව සිටීමට සැබෑ හේතුව ඔහුට විසි වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කර ගත නොහැකි වීමත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වංචාව ගැන පරීක්ෂණයක් දියත් වීමත් නිසා බව වැඩිදුරටත් වාර්තාවෙයි.

Leave a reply: