සමගි ජනබලවේගයේ නායකත්වයෙන් සජිත් පන්නන්න සැලසුමක්

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජනබලවේගයේ නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස ඉවත් කොට කරු ජයසූරිය
එහි නායකත්වය ට පත් කිරීමට සජිත් පිලේ ප්‍රබලයන් පිරිසක් තිරය පිටුපස සැලසුමක් දියත් කර ඇති බව වාර්තා වේ .

අණබෙර ගසා විශාල ප්‍රචාරයක් ලබා දී එක්සත් ජාතික පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් එකතු කරගෙන පිහිටුවන ලද සමගි ජනබලවේගයට සජිත් ප්‍රේමදාසගෙන් නිසි නායකත්වයක් නොලැබීම ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි .

කොරෝනා ව්‍යසනයෙන් රට විපතට පත්ව තිබියදී නිවසට වී කිසිවක් නොකර සිටීම ,පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට සජිත් ගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ගේ ඇගිලි ගැසීම්ද සජිත් ට එරෙහි පක්ෂ ප්‍රබලයන් ගේ උදහසට හේතු වී තිබේ .මේ නිසා කඩිනමින් පක්ෂ නායකත්වය වෙනස් නොකළහොත් ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රමාණවත් ආසන ගණනක් ලබා ගැනීම දුෂ්කර වනු ඇතැයි එම පක්ෂයේ ප්‍රබලයෝ ප්‍රකාශ කරති .

එම නිසා සජිත් පිලේ න්‍යායාචාර්‍යවරයෙක් වන චම්පික රණවක ගේ සැලසුම පරිදි සජිත් පන්නා දමා 81 හැවිරිදි කරු ජයසූරියය නායක පුටුවේ වාඩි කිරීමට සැලසුම් කෙරිණි .මෙහි දිගු කාලීන අරමුණ කරුගෙන් පසුව චම්පික රණවක නායකත්වය ට පත්වීමයි.ඒ සදහා සජිත් සමඟ පැමිණි දේශපාලන වශයෙන් අනාථ වී සිටින හිටපු මැති ඇමැතිවරුන් ගේ සහය ලබා ගැනීමට චම්පික ඇතුළු පිරිස රහසිගතව ක්‍රියා කරමින් සිටී .

Leave a reply: