ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීන්ගෙන් මංගලට විරෝධය

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජනබලවේගයේ ප්‍රබලයෙකු ලෙස පෙනී සිටින හිටපු ඇමැති මංගල සමරවීර මහා සංඝරත්නය ට දිගින් දිගටම අපහාස උපහාස කිරීම ඉදිරි මැතිවරණය ට දැඩි ලෙස බලපාන බව සජිත් පිලේ පසුපෙළ මන්ත්‍රීවරුන් එහි ප්‍රබලයන් ට පැමිණිලි කර ඇත .ජනාධිපතිවරණයට පෙර අවධියේ ද මංගල සමරවීර මේ ආකාරයටම මහා සංඝරත්නය ට අපහාස උපහාස කිරීම නිසා සජිත් ප්‍රේමදාස ට බරපතළ අවාසියක් සිදු වූ බව මෙම මන්ත්‍රී පිරිස පෙන්වා දී තිබේ .

දිගින් දිගටම මංගල සමරවීර මෙලෙස මහ සඝරුවන සමඟ ගැටීමෙන් පක්ෂයට විජාතික තුප්පහි මුහුණුවරක් ලැබෙන බව කෝපයට පත් ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරු වැඩි දුරටත් සජිත් ප්‍රේමදාස ට පවසා තිබේ .එම නිසා මංගල සමරවීර හිතුමතේ කරන මෙවැනි ප්‍රකාශ පක්ෂයේ මතය නොවන බව වහා නිවේදනය කළ යුතු යැයි ඔවුහු සජිත් ට බල කරති.

එසේ වුවද මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන සජිත් ප්‍රේමදාසගෙන් ඉදිරි පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ ගැන ප්‍රශ්න කිරීමට මන්ත්‍රී පිරිසක් සූදානමින් සිටිති.

සජිත් පිලේ මහා බොදු නායකයන් ලෙස පෙනී සිටින චම්පික රණවක ඇතුළු පිරිසද මෙහිදී මංගල සමරවීර ගේ මතය අනුමත කරන ආකාරයෙන් ක්‍රියා කිරීම විමතියට කරුණක් බවද පසුපෙළ මන්ත්‍රීවරු පවසති .

Leave a reply: