ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ගැටුමක් .

සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වරයෙකු විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ මන්ත්‍රීවරයෙකුට අදාල අසභ්‍ය වීඩියෝවක් මාධ්‍යයට මුදා හැරීම ගැන බරපතළ ආරවුලක් හටගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වරයා මේ ගැන පොලිසියට පැමිණිලි කල අතර ඒ ගැන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය යද්දි යද්දී එම මන්ත්‍රීවරයා බස්නාහිර පළාතේ තරුණ පළාත් සභා මන්ත්‍රීවරියකගේ නිවසේ රැඳී සිට ඇත. පොලිසිය ඔහුගෙන් වීඩියෝව ගැන ප්‍රශ්න කළ විට පොලීසිය සමග ආරවුලක පැටලුන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වරයා පැමිණිල්ල කල ගම්පහ මන්ත්‍රීවරයාට දුරකථනයෙන් බරපතළ තර්ජනයක් එල්ල කළ බවද වාර්තා වෙයි.

මෙම ආරවුල දුරදිග ගොස් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සැරසෙද්දී සජිත් ප්‍රේමදාස මැදිහත්ව පැමිණිලිකාර ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයාගේ පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙස දන්වාතිබේ.මෙහි දී ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තමාගේ චරිතය ඝාතනය කෙරෙන සමලිංගික දර්ශන ඇතුලත් වීඩියෝව සමාජයට මුදා හැරියේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සහ ඔහු සමඟ සිටි පළාත් සභා මන්ත්‍රීවරිය නිසා තමන් සටන අත් නොහරින බවයි .අවසානයේ මෙම මන්ත්‍රී ගැටුම සජිත් ප්‍රේමදාසට ද පාලනය කරගත නොහැකි බරපතළ ආරවුලක් බවට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Leave a reply: