සමග සමගි ජන බලවේගය අසත්‍ය වැපිරීමේ මෙහෙයුමක .

රජය කොරෝනා වසංගතය පාලනය කරමින් ඉතා දුෂ්කර ලෙස රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පවත්වා ගැනීම ගැන කලබලයට පත්වී සිටින සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය අසත්‍යය පැතිරවීමේ මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු ලැබී තිබේ.

එම මෙහෙයුම දියත් කිරීමට සැලසුම් කර ඇත්තේ සමගි ජන බල වේගයේ න්‍යාය ආචාර්යවරයකු වන චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සහ ඔහුට සම්බන්ධ ප්‍රචාරක කමිටුවේ උපදෙස් පරිදිය. ඒ අනුව මෙහි මුල් පියවර වශයෙන් රජය කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව සම්බන්ධව ප්‍රකාශ කරන තොරතුරු සහ සංඛ්‍යා ලේඛන වැරදි යැයි තහවුරු කිරීමට මාධ්‍ය උපයෝගී කර ගැනීමට තීන්දු කර ඇත .මෙම ව්‍යාපෘතියේ දී ආචාර්ය හර්ෂ ද සිල්වා ලක්ෂ්මන් කිරි ඇල්ල එරාන් වික්‍රමරත්න එස් එම් මරික්කාර් හෙක්ටර් අප්පුහාමි නලින් බණ්ඩාර ඇතුළු පිරිසක් එකී මාධ්‍ය හමු සඳහා තෝරා ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ දැනට රට පුරා කොරෝනා රෝගීන් පන්දහසකට වැඩි පිරිසක් සිටින බවත් මරණ සංඛ්‍යාව හාරසියය ඉක්මවා ඇති බවත් ජනතාව හමුවේ සමාජගත කිරීමයි.මෙමසැලසුම අනුව දැනටමත් මාධ්‍ය හමු දෙකක් පවත්වා තිබේ.ඉන් පළමුවැනි මාධ්‍ය හමුව ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු අමාත්‍යවරයා විසින් පවත්වනු ලැබීය.දෙවන මාධ්‍ය හමුව හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රිවරයා විසින් පවත්වා තිබේ .

මෙම මාධ්‍ය හමු වළදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ රජය සැබෑ කොරෝනා රෝගීන් සංඛ්‍යාව සඟවන බවත් මරණ සංඛ්‍යාව පිළිබඳ සැබෑ තොරතුරු රටට හෙළිදරව් නොකරන බවත්ය. හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ රාත්‍රී 12ට මෙම සංඛ්‍යා ලේඛන දිනපතා ප්‍රචාරය කිරීම ද සැක සහිත බවයි.මෙලෙස සමගි ජන බලවේගයේ පිරිස් විසින් සත්‍ය තොරතුරු විකෘති කොට ජනතාව නොමඟ යැවීමේ යෙදී සිටින බව බුද්ධි අංශ රජයට වාර්තා කිරීමත් සමඟම මෙම මාධ්‍ය හමු සහ අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අතර සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේග නායකයා ප්‍රකාශකර තිබුනේ රජය කොරෝනා රෝගය සම්බන්ධව තමන් දුන් උපදෙස් අනුව ක්‍රියා කළේ නම් මේ වන විට රෝගය සහමුලින්ම මර්දනය කිරීමට හැකිව තිබූ බවයි .

Leave a reply: