සරසවි දෙකක් සජිත් පරදින බව කියයි

කොලඹ විශ්ව විද්‍යාලය සහ කැලණිය විශ්ව විද්‍යාලය විසින් පසුගිය දා පවත්වන ලද විශේෂ ජනමත සමීක්ෂණ දෙකකින් පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා ට වඩා 10%ක ජන්ද ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

දිවයින පුරා විවිධ ප්‍රදේශවල විවිධ සමාජ තරාතිරම්වල තිස් දහසක පමණ පිරිසක් මෙම සමීක්ෂණය සදහා යොදවා ගෙන ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිම ආකර්ෂණයක් ලබා ගෙන ඇත්තේ තරුණ සහ කාන්තා ජන්ද දායකයන්ගෙනි. එය 55% ඉක්මවයි .සජිත් ප්‍රේමදාස මහතා ට තරුණ සහ කාන්තා ජන්ද ආකර්ෂණය හිමි වී ඇත්තේ 40%ක් පමණි.

දුප්පත්කම තුරන් කිරීම, මත්ද්‍රව්‍ය උවදුර දුරු කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ගෝඨාභය ගේ ජන්ද ප්‍රතිශතය ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන  හේතුය. සජිත් ප්‍රේමදාස මහතා ගේ ජන්ද ප්‍රතිශතය අඩු වීමට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ ජන්ද වේදිකාවේ දී ඔහු ලබා දෙන පොරොන්දු ඉටු කළ නොහැකි පොරොන්දු බවට සමාජයේ පවතින විශ්වාසයයි.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page