ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි.

වත්මන් රජයේ මැති ඇමතිවරුන් පිරිසක් විසින් පසුගිය කාලයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යහපාලන ආණ්ඩුවේ මැති ඇමති පිරිසක් සම්බන්ධව බරපතළ පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කළේය.

මෙම පැමිණිලි වලින් චෝදනා ලැබුවේ හිටපු ඇමතිවරුන් වන රවි කරුණානායක රාජිත සේනාරත්න මලික් සමරවික්‍රම පී හැරිසන් තලතා අතුකෝරාල කබීර් හෂීම් ඇතුළු යහපාලන ආණ්ඩුවේ ප්‍රබල චරිත රැසකි .මොවුන්ට එරෙහි පැමිණිලිවල සඳහන් වූයේ ස්වකීය අමාත්‍යාංශ වල සිදු කරන ලද රුපියල් බිලියන සිය ගණනකට අධික වංචා දූෂණ ක්‍රියා රැසකි.ඒවා සාක්ෂි සහිතව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට මුලින්ම පැමිණිලි කර තිබුණේ වර්ෂ 2016 දී පමණය.එහෙත් එම පැමිණිලි වලට මේ දක්වා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීන යැයි කියාගන්නා කොමසාරිස්වරු තිදෙනා කිසිදු පියවරක් ගෙන නැත.

මෙසේ වසර ගණනක් යහපාලන ආණ්ඩුවේ පැමිණිලි පල්වීම සම්බන්ධව සොයා බැලීමට පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොමිෂන් සභාව වෙත මේ සදුදා පැමිණියහ .එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මුණගැසී ඔහුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළේය .එම තනතුරට අලුතින් පත්ව ආ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ අවස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම වංචා දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගැන සකස් කළ වාර්තාවක් මන්ත්‍රීවරුන්ටත් භාරදෙනු ලැබිණ.

එම වාර්තාවෙහි සඳහන් වූයේ චූදිත මන්ත්‍රීවරුන්ට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ අදාල පැමිණිලි සම්බන්ධව සාක්ෂි ලබා දෙන ලෙස ඉල්ලා සිටියද ඔවුන් පැමිණියේ නොමැති බවයි.මෙය පුදුමයට කරුණකි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීන කොමසාරිස්වරුන් එලෙස මන්ත්‍රීවරුන් නොපැමිණි හේතු පිළිබඳව විමසා ඊට එරෙහි ව කිසිදු නීතිමය පියවරක් ගෙන නැත.එම නිසා මෙයතනිකරම දේශපාලන පක්ෂග්‍රාහී ක්‍රියාදාමයක් බව පැහැදිලිවේ .

මෙම තොරතුරු දැනගත් අල්ලස් දූෂණ කොමිසමට ගිය මන්ත්‍රීවරුන් කොමිසමේ කොමසාරිස්වරුන් වහාම ඔවුන්ට මුණ ගැසීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ප්‍රකාශකර ඇතත් මේ දක්වා එම කොමසාරිස්වරුන් එම අවස්ථාව ලබාදී නැත. මෙරට ස්වාධීන කොමිෂන් සභා පසුගිය රජය විසින් පිහිටුවනු ලැබුවේ රටට ස්වාධීන පරීක්ෂණ යාන්ත්‍රණයක් හඳුන්වාදෙන බවට අණ බෙර ගසමිනි. එම කොමිෂන් සභා ස්වාධීනව පක්ෂග්‍රාහී නොවී සියලු සියලු දෙනාගේ වංචා දූෂණ චෝදනා සම්බන්ධව ක්‍රියා කරන බවද එකල ප්‍රකාශ විය. එහෙත් ස්වාධීන මැතිවරණ කොමිසමේ රාජන් හූල් ලා මෙන්ම ස්වාධීන අල්ලස් දූෂණ කොමිෂන් සභාවද පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කරන බවට මෙම සිද්ධිය කදිම සාක්ෂියක් වේ.එම නිසා මෙබඳු ස්වාධීන යැයි බෝඩ් ගසා ගත් පක්ෂග්‍රාහී කොමිෂන් සභා ඉදිරි ආණ්ඩුවක දී අහෝසි කර දැමිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රීවරු රැසක් ම ප්‍රකාශ කරති.

Leave a reply: