ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ස්විට්සර්ලන්ත තානාපතිට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්ත රජයට පැමිණිල්ලක්

ස්වකීය තානාපති කාර්‍යාලයේ සේවය කරන දමිළ ජාතික කාන්තාවක් පැහැර ගැනීමකට ලක් කළ බව කියමින් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වල විශාල ඝෝෂාවක් මතු කිරීමට මුල් වූ ස්විට්සර්ලන්තයේ කොලඹ තානාපති හෑන්ඩ්ස් පීටර්ස් මහතාට එරෙහිව නිල වශයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියා කර ඇත.

ස්විට්සර්ලන්තයේ රාජ්‍ය නායකයා නියෝජනය කරන මෙම තානාපතිවරයා ඔහුට හිමි මුක්තිය සහ වරප්‍රසාද පාවිච්චි කරමින් මෙලෙස ව්‍යාජ පුවතක් මැවීමට දායක වීම බලවත් සැකයට තුඩු දෙන කරුණක් බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි. එම නිසා මොහුට එරෙහිව පියවර ගන්නා ලෙස ස්විස් රජයෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.

මෙවර ජනාධිපති අපේක්ෂකයකු වූ සජිත් ප්‍රේමදාස ගේ පියා ජනාධිපති ධුරය දරන සමයේ ජන්ද පොලක දූෂණ සිදු වූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ එවකට සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා සති කිහිපයක් තුළ මෙරටින් පිටුවහල් කිරීමට ප්‍රේමදාස ජනාධිපතිවරයා පියවර ගත්තේය. එම ප්‍රතිපත්තියම මෙම ස්විස් තානාපතිවරයා කෙරේද අනුගමනය කළ යුතු බව රජයේ දේශපාලන උපදේශකයෝ ආණ්ඩුවේ වගකිවයුත්තන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Leave a reply: