ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය පැහැර ගැනීමේ පරීක්ෂණය සතියකින් හමාර කර වරද කරුවන් අත්අඩංගුවට ගන්න. ජනපති අගමැති නියෝග කරති.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ දෙමළ ජාතික කාන්තාවක් පැහැරගෙන ගොස් පැය දෙකක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර ඇතැයි කියන සිද්ධිය ගැන කෙරෙන පරීක්ෂණ සතියක් තුළ හමාර කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ පොලිසියට නියෝග කර තිබේ.

ඒ අනුව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් සහ තවත් පාර්ශව ගණනාවකින් ලැබුනු තොරතුරු ද ද සීසීටීවී කැමරා දත්ත ද විශ්ලේෂණය කරමින් විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් මේ ගැන පරීක්ෂණය ක්‍රියාත්මක කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලීසිය විශේෂ කරුණු තුනක් ඔස්සේ පරීක්ෂණ දියත් කර ඇත.
මෙම සිද්ධියට රජයේ කිසියම් පාර්ශ්වයක් සම්බන්ධ ද යන්නත්, එසේත් නැත්නම් විපක්ෂයේ කණ්ඩායමක් රජය අපහසුතාවට පත් කිරීම සඳහා මෙය සිතා මතා සැලසුම් කරන ලද්දක් ද යන්න ගැනත්, එසේත් නැත්නම් මෙම කාන්තාවගේ වෙනත් පෞද්ගලික රහස් සම්බන්ධයක් හේතුවෙන් ඇය පැහැර ගැනීමට ලක් වූයේ ද යන්න ගැනත් පොලිසිය විමර්ශනය කරන බව දැනගන්නට ඇත.
පසුගියදා ස්විට්සර්ලන්තයට පැන ගිය පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රහසේ මෙරටින් පැන්නීමට දායක වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිතයක් මෙම සිද්ධියට ගෑවී ඇතැ යි යන කාරණාව ගැන ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page