ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ නිලධාරීනිය පොලීසියේදී බොරු වපුරයි

පසුගිය දා සුදු වෑන් රථයකින් පැහැර ගැනීමට ලක් වූවායැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ වීසා ලිපි ලේඛන පරිවර්තිකාවක් වන ගානියා ෆැන්සිස් රහස් පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී පරස්පර විරෝධි අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා අත් අඩංගුවට ගැනීමේ අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ .

මුලදී තම දියණියගේ පාසල වන ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සුදු වෑන් රථයකින් පැහැර ගත් බව කියූ ඇය පසුව ප්‍රකාශ කර ඇත්තේ බම්බලපිටියේ පැල්මයිරා ඇවනියුහීදී පැහැර ගැනීමකට ලක් වූ බවයි .

තමන් පැහැර ගත් අය රජයේ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක්යැයි මුලින් සදහන් කළ මෙම කාන්තාව පසුව තමන් දන්නා කියන අය කිහිප දෙනෙක්ද ඒ අය අතර සිටි බව කියා ඇත .එසේම එම සිද්ධිය සිදු වූ දිනයේ ඇය කළායැයි කියන ගමන් පිළිබඳව ලැබී තිබෙන තොරතුරු සහමුලින්ම පරස්පරය .ලංකාවෙන් පැන ගිය රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මෙරටින් පැන්නීමට ඇය දායක වූ බව හගවතත් ඇය සිදුකර ඇත්තේ ඔහුගේ ලිපි ලේඛන පරිවර්තනය කිරීම පමණක් බවද වාර්තාගතය.ඇයගේ මෙම විකාරරූපී හැසිරීම නිසා දැන් නන්නත්තාර වී සිටින්නේ කොලඹ සිටින ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර්ස් මහතාය .ඔහු මෙම කාන්තාව වෙනුවෙන් පෙනී සිටීමට ගොස් බරපතළ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කිරීම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මෙන්ම ස්විට්සර්ලන්ත ආණ්ඩුවෙන්ද රාජ්‍ය තාන්ත්‍රික අවවාද කිරීම් දැනටමත් සිදුව ඇතැයි වාර්තා වේ .

Leave a reply: