ස්විස් තානාපතිගේ නාටකය ගැන පොලීසියෙන් සැර පිළිතුරක්

ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කළ බවට එරට තානාපතිවරයා විදේශ අමාත්‍යංශයට කරන ලද ලීඛිත පැමිණිල්ල කිසිදු පදනමක් නැති අමූලික බොරුවක් බව පොලීසිය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත .තානාපති කාර්‍යාලය දැනුම් දුන් තොරතුරු අනුව සිදුකරන ලද විමර්ශන සහ කැමරා දත්ත විශ්ලේෂණයෙන් පසු මේ බව අනාවරණය වී තිබේ .

මෙම සිද්ධියට ලක් වූවායැයි කියන කාන්තාව ශ්‍රී ලාංකික තැනැත්තියක් වීම නිසා ඇයට තානාපති සේවයේ විදේශීය නිලධාරීන්ට හිමිවන රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමි නොවන බවද රජය පවසයි .එම නිසා මෙම ව්‍යාජ පැහැර ගැනීමේ රංගනය නිර්මාණය කළ අය කවුද යන්න ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a reply: