ජනාධිපතිවරණයකට හත් ගව්වක් තිබියදී මෙවර ඇතැම් සාස්තරකරුවන් ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රාහකයා ගැන එසේ පුවත් මවන්නට පටන් ගෙන තිබේ .මේවා බොහොමයක් මුදල් ගනුදෙනු මත සිදු කෙරෙන සාස්තර ව්‍යාපෘති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි .
තමන් මෙතෙක් ප්‍රසිද්ධියේ කී කිසිම අනාවැකියක් හරි නොගිය ,එක් අනාවැකියක් වැරදුණොත් වෙඩි තබාගෙන මැරෙනවා යැයි ප්‍රකාශ කළ සාස්තරකරුවෙක් මෑතකදී කියා තිබුණේ ලබන ජනාධිපතිවරණයෙන් සිංහ ලග්න හිමියෙකු ජය ගන්නා බවය.ඔහු වත්මන් රජයේ කැබිනට් ඇමැතිවරයෙකු වුවත් රාජපක්ෂ කෙනෙකු නොවන බව ද කීය.
තවත් සාස්තරකාර හිමිනමක් ප්‍රසිද්ධියේ කියා තිබුණේ සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බව ය.එම හිමියන් ප්‍රසිද්ධියේ සාස්තර කීවේ මුල් වරටය .කෙසේ වෙතත් දැනට විපක්ෂයේ තිබෙන බෙදීම් නිසා සජිත් ප්‍රේමදාස ගේ ජයග්රහණයන් ගැන සිතීම සජිත් ගේ පක්ෂයේ අය විසින්ම ප්‍රතික්ෂේප කර ඇත .චම්පික රණවක ද තිරය පිටුපස සිට සජිත් ට අභියෝග කරමින් සිටියි.මේ නිසා හතු පිපෙන්නා සේ මතුවෙන සාස්තරකරුවන් ගේ අනාවැකි ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය විහිලුවට ලක් කර ඇතැයි විද්වත් හු පවසති .