සිංහල අවුරුද්දට පෙර තවත් ආර්ථික සහන කිහිපයක්

කොරෝනා රෝගය නිසා හටගත් බරපතළ අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද ලබන සිංහල අවුරුදු සමයට පෙර ජනතාවට තවත් ආර්ථික සහන කිහිපයක් ලබා දීමට ජනාධිපතිවරයා සහ රජය තීරණය කර තිබේ .

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත වැටීමෙන් ඉතිරි වන මුදලින් කොටසක් මේ සදහා උපයෝගී කර ගැනීම රජයේ අරමුණයි .ඉතිරි මුදල ඉදිරි වසරක කාලය තුළ ඉන්ධන මිල කොතරම් ඉහළ ගියද දේශීය වෙළෙඳ පොළේ මිල නොවෙනස්ව පවත්වාගෙන යාම සදහා වන මිල ස්ථායිකරණ අරමුදලක තැන්පත් කෙරේ .

අප්‍රේල් මාසයේ දී සහන මිලට ජනතාවට සැපයීමට යෝජනා වී ඇත්තේ ගෑස් සහ තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකි.දැනටමත් සැමන් සහ පරිප්පු මිල ගණන් විශාල ලෙස අඩුකර අලෙවි කෙරේ .ඒ සදහා වන පාඩුව වෙළෙන්දන් ට ගෙවීම සදහා රජය රුපියල් කෝටි 200 ක මුදලක් ආනයනකරුවන්ට ගෙවීමට මූලික සැලසුම් සකසා හමාරය .

එහෙත් ඇතැම් පටු දේශපාලන අරමුණු සහිත තැනැත්තන් රජය ආනයනකරුවන්ට සහන ලබා නොදී සැමන් ,පරිප්පු මිල අඩු කිරීමෙන් ආනයනකරුවන් අමාරුවේ වැටී ඇතැයි ගෙන යන අසත්‍ය ප්‍රචාර මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page