සිරිකොත මූලස්ථානයේ ගුටි කෙළියක් අනූනවයෙන් නවතී

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීම සදහා ගිය බ්‍රහස්පතින්දා පවත්වන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හටගන්නට ගිය ගුටි කෙළියක් පක්ෂ ප්‍රබලයන් ගේ මැදිහත් වීමෙන් නතර කර ඇත .

එම ගුටි කෙළියට මැදිහත් වී ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කතා කළ නවින් දිසානායක මන්ත්‍රීවරයා සහ හරින් ප්‍රනාන්දු ,අජිත් පෙරේරා ඇතුළු සජිත් හිතවාදී මන්ත්‍රීවරු පිරිසකි .මෙම රැස්වීමේදී සජිත් ට පක්ෂ නායකත්වය බාර ගැනීමට තරම් දේශපාලන පරිණත බවක් නැතැයි රනිල් හිතවාදින් කියා ඇත .ජනාධිපතිවරණයේදී තමන්ගේ ආසනය ,දිස්ත්‍රික්කය හෝ ප්‍රාදේශීය සභාවක් දිනා ගැනීමට බැරි වූ තැනැත්තා ඊළඟ මහ මැතිවරණයේදී රට දිනවන්නේ කෙසේදැයි රනිල් හිතවාදින් ප්‍රශ්න කර ඇත .රංගේ බණ්ඩාර ,ආශු මාරසිංහ ,වජිර අබේවර්ධන ඇතුළු රනිල් හිතවාදීහු නවින් දිසානායක සමග සජිත් ට බරපතළ වාග් ප්‍රහාරයක් එල්ල කර තිබේ .සජිත් වෙනුවෙන් මෙහිදී කතා කර ඇත්තේ සුජීව සේනසිංහ ,අජිත් පී පෙරේරා ,හරින් ප්‍රනාන්දු ,රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසකි.

අකිල විරාජ් කාරියවසම් සහ රවි කරුණානායක සෙවළ ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබේ .මංගල සමරවීර සහ සාගල රත්නායක රැස්වීමට පැමිණ නැත .අවසානයේ රනිල් වික්‍රමසිංහ ,කරු ජයසූරිය ,රනිල් ,සජිත් සහ තවත් ප්‍රබලයන්ගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයකින් මහමැතිවරණය මෙහෙයවීමට යෝජනා කලේය .සජිත් පිල මීට විරුද්ධ වී සජිත් ට නායකත්වය නොමැති නම් තමන් වෙනම තරග කරන බව පැවසීය .එවිට රනිල් වික්‍රමසිංහ කළේ රැස්වීම නවත්වා නැගිට යාමයි.තමන් දින හතරක් විදේශ සංචාරයක නිරත වන බැවින් ඉන්පසු ලබන සතියේ රැස්වී නැවත සාකච්ඡා කරමුයැයි රනිල් ප්‍රකාශ කර ඇත .මේ නිසා බලවත් ආරවුල් මැද්දේ මන්ත්‍රී රැස්වීම ඉවර විය .එයින් පසු හරින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ප්‍රකාශ කර තිබුණේ සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා නොවේනම් දේශපාලනයෙන් සමුගන්නා බවයි .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page