සෞඛ්‍ය ලොක්කියක් කොරෝනා එන්නතට වල කපයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් හා රජයේ එන්නත්කරණ කමිටුව කොරෝනා සඳහා හැකි ඉක්මනින් එන්නත ගෙන්වා ගැනීම සඳහා සටනක නිරතව සිටිති .එහෙත් එම අමාත්‍යාංශයේම ඉහළ තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ඇතුළු එන්නත්කරණ විෂයට සම්බන්ධ පිරිසක් මෙම කටයුත්ත කඩාකප්පල් කිරීම සඳහා සැලසුම් සහගතව ක්‍රියා කරමින් සිටින බව වාර්තා වෙයි .

මෙම කඩාකප්පල්කාරී කටයුත්තට විපක්ෂයේ ප්‍රබල දේශපාලඥනයකුද සම්බන්ධ බව කියැවේ.මෙම දේශපාලනඥයා එන්නත සපයන රටවල තානාපතිවරුන් අමතා මේ ගැන නොයෙක් දේ කියා ඇතැයි ද රජයට වාර්තා වී තිබේ .ඔහු මෙරට පාරාජිකා වී සිටින පරාජිත දේශපාලන නායකයෙකි .

රජයේ විමර්ශන අංශ වෙත මේ ගැන සියලු තොරතුරු වාර්තා වී තිබේ .ඒ අනුව අදාළ සෞඛ්‍ය නිලධාරීනියට එරෙහිව වහාම දැඩි පියවරක් ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පවසති .

Leave a reply: