සෞඛ්‍ය සේවකයන් අටුලුගම වර්ජනය කරයි.

පී.සී.ආර් පරීක්ෂණවලට මෙන්ම අනෙකුත් සායනික කටයුතු වලට ද විරෝධය පල කරන ලද අටුලුගම ගම් වැසියන්ගේ සෞඛ්‍යමය සේවා කටයුතු වලින් ඉවත් වීමට සෞඛ්‍ය අංශ තීන්දු කිරීමත් සමඟ මහත් අර්බුදයක් හටගෙන ඇත .

දිගින් දිගටම සෞඛ්‍ය සේවකයන් ට එල්ල වූ බාධා හා තර්ජන හමුවේ ඔවුන් මෙම තීන්දුව ගෙන තිබේ .මෙතෙක් කරන ලද පරීක්ෂණ වාර්තා අනුව අටුලුගම ජනතාවගෙන් 25% කට කොරෝනා වැළදී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ද ප්‍රකාශ කළේය .මෙහි වාසය කරන පවුල් ගණන 5000 ක් පමණය.

අටුලුගම සමහරුන් සෞඛ්‍ය සේවකයන් ට කරන ලද තර්ජන ගර්ජන ඇඟට කෙළ ගැසීම වැනි පහත් ක්‍රියා සම්බන්ධයෙන් එහි මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජකවරයා ප්‍රසිද්ධියේ සමාව ගනු ලැබීය .එහෙත් එලෙස බාධා කළ තැනැත්තන් ට වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අංශ කියයි.දැනට රජයේ ආරක්ෂක අංශ විසින් එම ගම කොටු කර හුදෙකලා කර තිබේ .කිසිවෙකුට ගමෙන් පිටවීමට නොහැක .අහාර පාන පමණක් රජය විසින් සපයනු ලැබේ.මෙය සැලසුම් සහගත ආරවුලකට පාර කැපීමක්දැයි දැන් රජයේ බුද්ධි අංශ පරීක්ෂණයක් ආරම්භ කර ඇත .

Leave a reply: