ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව කාවින්ද ජයවර්ධන උසාවි යයි .

තමන්ගේ රුවට සමාන රුවක් යොදා ගෙන සමරිසි වීඩියෝවක් නිෂ්පාදනය කොට බෙදා හැරීම සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන හිටපු ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා රහස් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ .

එම පැමිණිල්ල මගින් ඔහු අවධාරණය කර ඇත්තේ තමන්ගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමත් තමන් දැනට දරන ආසන සංවිධායක ධුරයත් ලබා ගැනීමේ අරමුණෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරියක විසින් මෙම සමරිසි වීඩියෝව ප්‍රචාරය කර ඇති බවයි. කාවින්ද ජයවර්ධනගේ පැමිණිල්ල අනුව ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට රහස් පොලිසිය හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ මල්ෂා කුමාරතුංග හිටපු පළාත් සභා මන්ත්‍රීවරිය මුණ ගැසීමට ඔවුන්ගේ නිවසට ගිය අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රහස් පොලිසිය සමඟ ආරවුලකට පැටලී ඇත . එසේම එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද කන්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට ස්වකීය දුරකථනය ඔස්සේ තර්ජනය කළ බවට ද කාවින්ද පැමිණිලි කර තිබේ .පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලවා මෙම ප්‍රශ්නය සමථයකට පත් කොට පැමිණිල්ල ඉවත් කරවා ගැනීමට කාවින්ද ජයවර්ධන වෙත නොයෙක් බලපෑම් කළද ඔහු පැමිණිල්ල ඉවත් කර ගත්තේ නැත .ඒ වෙනුවට ඔහු කළේ ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් හමුවී මේ සම්බන්ධව කරුණු දක්වා වහා පැමිණිල්ල විමර්ශනය කොට සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.

මෙම සමරිසි වීඩියෝව සම්බන්ධව මූලික විමර්ශන දැනටමත් හමාර කොට ඇති පොලිසිය ළඟදීම ඊට අදාළව හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයාට සහ මල්ෂා කුමාරතුංග හිටපු පළාත් සභා මන්ත්‍රීවරිය ටත් එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.මෙම නඩුවේදී හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සම්බන්ධව දේශපාලන ක්ෂේත්‍රයේ කළඹන හෙලිදරව්වක් සිදු වීමට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි .

Leave a reply: