ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

හරීන් නැවතත් වැඩ වරද්දා ගනී.

අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ට අපහාස වන ලෙස වේදිකාවේ කතා කළ හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු පසුගිය දා අගරදගුරු හිමිපාණන්ට වැඳ සමාව ගත්තේය .ඒ අවස්ථාවට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද එක්විය .ඉන්පසු සජිත් මාධ්‍යට ප්‍රකාශ කළේ තිබුණු මතභේද අවසන් බවත් අගරදගුරු හිමිගේ ආශිර්වාදය තමන්ටත් හරින්ටත් ලැබුණු බවත්ය .

එහෙත් කටට බ්‍රේක් නැති හරින් ප්‍රනාන්දු ඉන් දිනකට පසු දොම්පේ ප්‍රදේශයේ ජනහමුවකදී කියා සිටියේ තමන් අගරදගුරු හිමියන්ගෙන් සමාව නොගත් බවය.අගරදගුරු හිමියන් වෙත කනගාටුව පල කරද්දී උන්වහන්සේ ද තමන් අතින් සිදුවූ වරදට කනගාටුව පල කළ බවය.තමන් එදා කී කතාව තවදුරටත් වලංගු බව වැටහුණු හරීන් එය ඉල්ලා අස්කර නොගන්නා බව ද කීය.එහෙත් මින් ඉදිරියට අගරදගුරු හිමියන් ගැන කතා නොකරන්නේයැයි කී ඔහු ඊට හේතුව තම කතා නිසා පක්ෂයේ කතෝලික ජන්ද පදනම ට හානි වෙතැයි සජිත් ප්‍රේමදාස දන්වා සිටීම බවත් පැවසීය .

අවසන් වූ ප්‍රශ්නය නැවතත් මඩට ඇද ගැනීම ගැන රදගුරු මැදුරෙන් නිලනොවන මට්ටමින් සජිත් පිල ට දැඩි විරෝධයක් එල්ල වී තිබේ .එසේම කාවින්ද ජයවර්ධන ,නිරෝෂන පෙරේරා ,හෙක්ටර් අප්පුහාමි වැනි කතෝලික මන්ත්‍රීන් සජිත් අමතා මේ ගැන සිය දැඩි විරෝධය පල කර ඇතැයි වාර්තා වෙයි .මේ නිසා හරින් ප්‍රනාන්දු ගේ කට වැසීමට වහා පියවර ගත යුතු බව සජිත් ගේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන රන්ජිත් මද්දුම බණ්ඩාර ,චම්පික රණවක මෙන්ම සජිත් ගේ නව ආගමික උපදේශක එරාන් වික්‍රමරත්න ද ප්‍රකාශ කළ බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි .ඉන්පසු සජිත් හරීන් ට දුරකථනයෙන් අමතා දැඩි ලෙස බැණ වැදී තිබේ .

Leave a reply: