ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

හරීන් පක්ෂයෙන් පන්නන්නැයි පක්ෂ නායකයෝ සජිත්ට කියති

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට අපහාස කළ හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුට එරෙහිව වහා විනය පියවර ගෙන ඔහුගේ පක්ෂය තහනම් කරන ලෙස සමගි ජනබලවේගයේ ජේෂ්ඨ නායකයෝ ඊයේ සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයාගෙන් ඉල්ලීමක් කර ඇත.එවිට සජිත් ඔවුන්ට කියා ඇත්තේ හරීන් ප්‍රනාන්දුට දැඩි ලෙස අවවාද කිරීම පමණක් ප්‍රමාණවත් බවය. මේ ගැන පක්ෂ නායකයන් දැඩි ලෙස කලකිරී ඇති අතර සජිත් ප්‍රේමදාසට පක්ෂ ජේෂ්ඨයන් දොස් පවරා ඇති බවද වාර්තා වේ.චම්පික රණවක සරත් ෆොන්සේකා රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් සජිත්ට හරීන් ගැන පැමිණිලි කර තිබිණි .

පසුගිය ජනාධිපති වරණයේදී කරගත් වැරදි නැවත නොකළ යුතු බව ඔවුන් පක්ෂ නායකත්වයට පෙන්වාදී තිබේ .ඒ අතරතුර සජිත් පිල නියෝජනය කරන කාවින්ද ජයවර්ධන නිරෝෂන් පෙරේරා හෙක්ටර් අප්පුහාමි ඇතුළු කතෝලික මන්ත්‍රීවරු සිය පැරණි නායකයා වන රනිල් වික්‍රමසිංහ අමතා කියා ඇත්තේ සජිත් හරින්ගේ ප්‍රශ්නය අනන බවය. මංගල නිසා පසුගිය ජනාධිපතිවරණයේදී තම පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද නැති වූ අතර මෙවර හරින් ප්‍රනාන්දු නිසා කතෝලික ඡන්ද අහිමි වන බව කියමින් ඔවුහු දැඩි කනස්සල්ල පල කළෝය. එවිට රනිල් ඔවුනට කියා ඇත්තේ පක්ෂයක් යනු කඩයක් නොවන බවත් කඩයක් කරන ආකාරයට පක්ෂයක වැඩ කළ නොහැකි බවත්ය. ඒ නිසා පක්ෂයේ නායකයාට කියා විනය කඩ කරන තැනැත්තන් ට එරට එරෙහිව පියවර ගන්නා ලෙස බලපෑම් කරන්නැයි රනිල් මෙම මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබේ.

Leave a reply: