හරීන් ප්‍රනාන්දු ට මහින්දගෙන් පාඩමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මැති සබයට ඉදිරිපත් කළ අවස්ථාවේ සජිත් පිලේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය දැක්වීම සඳහා මැති සබයේ උද්ඝෝෂණයක් සංවිධානය කළෝය .අවසානයේ මෙම උද්ඝෝෂණය ප්‍රචාරක නාට්‍යයක් බවට පත් වූ අතර විපක්ෂය නියෝජනය කරන එස් .එම් .මරික්කාර් ,මුජිබර් රහුමාන් හා හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිස් ප්‍රකාශ කළේ තමන් මෙම උද්ඝෝෂණය දියත් කළේ අගමැති මහින්ද ගේ බලතල රැකදීමට බවයි.

එහෙත් අගමැති මහින්ද මෙහිදී විපක්ෂය ට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත .මේ අවස්ථාවේ අගමැති මහින්ද හමුවට දිව ආ හරීන් ප්‍රනාන්දු විපක්ෂ මන්ත්‍රීවරයා සර් අපි උද්ඝෝෂණය නවත්වන්නම් සභාව ටික වේලාවකට කල් තබන්නයැයි ඉල්ලීමක් කර තිබේ .කතානායක ලවා සභාව කල් තබ්බවා ගෙන සටනේ ජයග්‍රහණය තමන්ට අත්පත් කරගන්නට හරීන්ලා එලෙස පවසද්දී අගමැති මහින්ද රාජපක්ෂ කීවේ අපි සභාව කල් තබන්නේ නැහැ .ඔබලා හති වැටෙන තුරු උද්ඝෝෂණය කරන්න කියාය .

මෙරට දේශපාලන උද්ඝෝෂණ පිළිබඳ කෙල පැමිණි නායකයෙකු වන මහින්ද රාජපක්ෂ ගේ එම පිළිතුරෙන් පසු විපක්ෂය දෙසට ගිය හරීන් ප්‍රනාන්දු ලා ඉබේම උද්ඝෝෂණය නවත්වා සභාවේ සෙසු කටයුතු කරගෙන යාම සඳහා නිහඬ වූහ .අවසානයේ විපක්ෂ උද්ඝෝෂණය දියාරු විරෝධයක් බවට පත් වූ අතර ඉබේම ජයග්‍රාහකයා වූයේ අගමැති මහින්ද රාජපක්ෂ ය.

Leave a reply: