හරීන් මංගල වෙයි

ජාතික සමගි ජනබලවේගය හෙවත් සජිත් පිල ට සිංහල බෞද්ධ ජන්ද අහිමි කිරීමේ පුරෝගාමියා හිටපු අමාත්‍ය මංගල සමරවීර ය.එසේම සජිත් පිල ට කතෝලික ජන්ද අහිමි කිරීමේ පුරෝගාමි මෙහෙවරට එහි ප්‍රබලයෙකු වන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත ගසා තිබේ .එම නිසා හරීන් ට එම පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු දැඩි විරෝධය පල කර ඇත .

මෙහි අලුත්ම තොරතුරු වාර්තා වූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමෙනි.එහි සාක්ෂි දීම සඳහා පැමිණි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය ගැන කල් තබා කාදිනල් හිමියන් ද දැන සිටින්නට ඇති බවට චෝදනා කරමින් කාදිනල් හිමියන් ගේ නීතිඥවරයා සමඟ ආරවුලකට පැටලුණි.

අනතුරුව මෙබඳු වගකීම් විරහිත ප්‍රකාශ නොකරන ලෙසත් ඊට අදාල සාක්ෂි කොමිසමට ඉදිරිපත් කරන ලෙසත් කොමිසමේ සභාපති විනිසුරුවරයා දැන්වීය .එවිට කර කියා ගත හැකි දෙයක් නොමැති වූ හරීන් ප්‍රනාන්දු එම ප්‍රකාශය තමන් කළේ සාක්ෂියක් නොමැතිව බව කියමින් කට වසා ගත්තේය .ඒ සමඟ කොමිසම ඔහුට දැඩි ලෙස අවවාද කරමින් ආගමික නායකයන් ට තබා කිසිවෙකුට පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නයැයි දැන්වීය .

හරීන් ගේ මෙම ප්‍රකාශය ගැන ඔහුගේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සජිත් පිලේ කතෝලික මන්ත්‍රීන් පැමිණිලි කර ඇති අතර සජිත් ඒ ගැන හරීන්ගෙන් විමසා බලන බව පමණක් ඔවුන්ට දන්වා තිබේ .

Leave a reply: