හාමුදුරුවරු අවසර දුන්නොත් එජාප නායකත්වය සජිත්ට දෙන බව රනිල් කියයි

සදුදා දිනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවා සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය පවරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බව මුලින්ම ප්‍රකාශ කල රනිල් වික්‍රමසිංහ මහතා සදුදා දිනයේ එම තීරණය වෙනස් කළේය.ඒ අනුව ඔහු සජිත් පිලට දන්වා ඇත්තේ මහා සංඝරත්නය අවසර දෙතොත් පමණක් සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය පැවරිය හැකි බවයි .

දැනට පාර්ලිමේන්තුව කල් තබා ඇති නිසා පක්ෂ නායකත්වය හෝ විපක්ෂ නායකත්වය ගැන දැන්ම කලබල වීම අනවශ්‍ය බවද රනිල් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා විශේෂ මංගල උත්සව අවස්ථාවකදී ආණ්ඩුවේ ජේෂ්ඨ මැති ඇමතිවරුන් පිරිසක් මුණ ගැසී කියා ඇත්තේ තමන් 2025 දක්වා පක්ෂ නායකත්වය දරන බවත් ඉන් අනතුරුව දේශපාලනයෙන් විශ්‍රාම යන බවත්ය.පක්ෂ නායකත්වය ලබා ගැනීමට හදිස්සි වී දඟලන සජිත් ප්‍රේමදාස මහතා ළඟ පක්ෂය ඉදිරි මැතිවරණ වලින් ජයග්‍රහණය කරවීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැතැයි ද මෙහිදී රනිල් චෝදනා කර ඇත. තමන් සමග ගම් මට්ටම සහ බිම් මට්ටම සිටින බවට වේදිකාවල කෑ මොර ගැසූ සජිත් ප්‍රේමදාස මහතාට ඒ කිසිවක් නැති බව පසුගිය ජනාධිපතිවරණයෙන් තහවුරු වී ඇතැයි රනිල් වික්‍රමසිංහ මෙහිදී හාස්‍යයෙන් යුතුව ප්‍රකාශ කර තිබේ.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page