හැත්තෑ දෙවැනි ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සමරයි .

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර හැත්තෑ දෙකක් ගතවීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික නිදහස් උත්සවය අද උදෑසන කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අභිමානවත් ලෙසත් චාම් ලෙස සමරනු ලැබී ය .ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයට පත්වීමෙන් පසු එළඹි පළවෙනි නිදහස් උත්සවය මෙයයි .

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කතානායක වරයා මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රභූන් රාශියකගේ සහභාගීත්වයෙන් මෙම නිදහස් උත්සවය පවත්වනු ලැබිණ . රුසියානු හමුදාවේ ජේෂ්ඨතම නිලධාරියෙකු වන එරට භූමි හමුදාපතිවරයා විශේෂ අමුත්තෙකු ලෙස නිදහස් උත්සවය සඳහා සහභාගී විය.යුද ගුවන් නාවික හා පොලිසියේ සෙබළුන් 7000 කට ආසන්න පිරිසක් ආරක්ෂක අංශ උත්තමාචාර සඳහා එක් ව සිටියහ . මෙම නිදහස් සමරු උළෙලේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ දෙසුමක් ද පැවැත් වීය .

Leave a reply: