හිටපු අගවිනිසුරු පන්නන්නට දායක වූ නීතිඥයන්ට වැඩ වරදී

2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වී දෙසතියක් තුළ ඒ වන විට ව්‍යවස්ථානුකූලව පත්වීම් ලබා සිටි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බලහත්කාරයෙන් අගවිනිසුරු පුටුවෙන් ඇද දමා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයට පත්කොට එක් දිනකට පසු වෙනත් අයෙක් අගවිනිසුරු ධුරයට නීති විරෝධි ලෙස පත් කිරීමට මූලික වී ක්‍රියා කළ නීතිඥයන් පිරිසකට එරෙහිව රාජ ද්‍රෝහි චෝදනාව යටතේ නඩු පැවරීමට රජය තීන්දු කර ඇත .

එකල නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය සහ ජේ.සී වැලිඅමුණ ඇතුළු නීතිඥ යන් පිරිසකට මෙම බරපතළ චෝදනාව එල්ල කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය පවසයි .අගවිනිසුරුවරයකු පත් කිරීමට සහ ඉවත් කිරීමට අදාළ විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන් කර තිබියදීත් නීතිය දැන දැන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නීතිඥ වෘත්තිය අහිමි වීමට මෙන්ම සිරදඬුවම් ලැබීමටද අදාළ වරදකි.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page