හිටපු ඇමැති රන්ජන් රාමනායක ට සිර දඬුවම් මන්ත්‍රී ධුරයත් අහෝසියි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ට බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින නියම කරන ලදී.

පසුගිය යහපාලන රජය සමයේ අධිකරණ විනිසුරුවරුන් දූෂිත බවට වාර ගණනාවක් සිදු කළ අපහාස නිසා නීතිපතිවරයා රන්ජන් රාමනායක ට එරෙහිව මෙම නඩුව පවරනු ලැබීය .

එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි .ඒ දඬුවමත් සමඟ රන්ජන් ගේ මන්ත්‍රී ධුරයද අහෝසි වෙයි .මෙම නඩු තීන්දුව ට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද අහිමි විය.එම නිසා සමගි ජනබලවේගයේ පරාජිත ලැයිස්තුවේ ඉහළින්ම සිටින අජිත් මාන්නප්පෙරුම මහතා ට රන්ජන් දැරූ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය හිමිවනු ඇත .

Leave a reply: