හිටපු ජනපති ජනාධිපති කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු විභාග කරන ජනාධිපති කොමිසම ට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි .පසුගිය රජයේ බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ,රජයේ බුද්ධි උපදේශක සිසිර මෙන්ඩිස් ,හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සාක්ෂි විමසීමෙන් පසු මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා කොමිසමට කැඳවෙයි.හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද ඒ සමඟ කැඳවීමට නියමිත බව දැනගන්නට ඇත .

කොමිසමේ නියෝග අනුව පසුගිය දා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් පැය 6 ක ප්‍රකාශයක් ද ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් පැය 10 ක ප්‍රකාශයක් ද පොලීසිය විසින් ලබා ගෙන තිබේ .මෙතෙක් කොමිසම හමුවේ දෙන ලද සාක්ෂි සහ ඉහත සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගේ සාක්ෂි වලින් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගෙන් දීර්ඝ ලෙස සාක්ෂි විමසනු ඇති බව කොමිසමේ ආරංචි මාර්ග කියයි .

Leave a reply: