හිටපු ජනාධිපති සිරිසේන සී.අයි.ඩි යට

හිටපු ජනාධිපති සිරිසේන මහතා අද හෙටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙවත් සී.අයි.ඩි යට කැදවීමට නියමිතය .ඔහු එලෙස කැදවන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති රජයට එල්ල වූ චෝදනා ගැන කට උත්තරයක් ලබා ගැනීමට ය.හිටපු ජනාධිපතිවරයා මෙලෙස සී.අයි.ඩි යට කැදවා ඇත්තේ ඔහු යටතේ පැවති ආරක්ෂක සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ විෂය බාර අමාත්‍යවරයා ලෙසයි .එවිට ජනාධිපති මුක්තිය ඔහුට හිමි නොවේ.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති සිරිසේන මහතා ට රාජ්‍ය බුද්ධි අංශ කල් තබා දැනුම් දී තිබූ බව ආරක්ෂක අංශවල ඇතැම් ප්‍රබල ප්‍රධානින් මෙයට පෙර කරන ලද විමර්ශනවලදී අවධාරණය කර තිබුණි .එසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තමන් මෙම සිද්ධිය ගැන කල් තබා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිට දැන්වූ බවත් එහිදී ඔහු නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් කිසිවක් නොකළ බවත් හෙළිදරව් කර තිබේ .මේ බව ඉදිරි නඩු වාරයකදී ඔවුහු කොලඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කරන බවත් විමර්ශන නිලධාරීන් ට දැනුම් දී තිබේ .එම සියලු සාක්ෂි පදනම් කරගෙන හිටපු ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කරන බව රහස් පොලීසිය පවසයි .එමෙන්ම පාස්කු බෝම්බ ප්‍රහාර විමර්ශන නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සිරිසේන මහතා අධිකරණය ට ගෙන්වීමට ඇති හැකියාව ගැනද ආරක්ෂක අංශ නීති උපදෙස් පතා ඇති බව වාර්තා වේ

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page