ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

හිරුණිකාට හා මරික්කාර්ට මුස්ලිම් ජනතාවගේ විරෝධය

වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ජනාධිපතිවරණ සමයේ නැගෙනහිර ජනතාවට පොරොන්දු වූ පරිදි සයින්ද මරුදු ප්‍රදේශයට මහ නගර සභාවක් ලබා දුන්නේය .ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය දා නිකුත් කෙරිණි .

මුස්ලිම් ජනතාවට වත්මන් රජයෙන් සාධාරණය ඉටු නොවන බවට පැවති මිථ්‍යා මත දුරු කරමින් මෙම පොරොන්දුව ඉටු කිරීම ගැන එ.ජා .ප .ය බෙහෙවින් කලබලයට පත්ව සිටිති .ආණ්ඩුවේ තීරණය නිසා රවුෆ් හකීම්ලාගේ නැගෙනහිර ජන්ද පදනමත් ,යූ.එන්.පී ජන්ද පදනමත් දෙදිරීමට ලක් වූ නිසා මෙම කලබලය හටගෙන ඇත .එබැවින් රනිල්ගේ හා සජිත් ගේ උපදෙස් මත මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙකු වන එස් .එම් මරික්කාර් හා අවිචාරවත් දේශපාලනය ගැන නම් දැරූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ලවා රජයේ තීරණයට පහරදීමට යූ .එන්.පි.ය ක්‍රියා කළේය .

මොවුන් දෙදෙනා පසුගිය දා මාධ්‍ය හමු දෙකක් තබා ආණ්ඩුවේ තීන්දුව බරපතළ ලෙස විවේචනය කළේය .මේ නිසා කොලඹ දිස්ත්‍රික්කයේ බහුතර මුස්ලිම් ජනතාව මරික්කාර්ට හා හිරුණිකාට දැඩි විරෝධය පල කරන්නට පටන් ගෙන ඇත .රාජපක්ෂ ආණ්ඩුවෙන් කිසිදා නොලැබේයැයි සිතූ වරප්‍රසාද තම ජනතාවට ලැබෙද්දී එ.ජා .ප යේ මන්ත්‍රීන් ඊට එරෙහි වීම මුස්ලිම් සමාජය බරපතළ ලෙස හෙලා දකින බව කොලඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් සංවිධාන ගණනාවක් ප්‍රකාශ කර ඇත .

Leave a reply: