හෙළ උරුමය විසුරුවයි. චම්පික සජිත් පිලට

සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ලබා ගැනීමට හිටපු ඇමැති චම්පික රණවක තීන්දු කර ඇත .ඒ සමඟ වසර 30 කට ආසන්න කාලයක් ක්‍රියාත්මක වූ ජාතික හෙළ උරුමය පක්ෂය විසුරුවා හැරීමද සිදුවනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි .

චම්පික සජිත් පිල ට එක් වන්නේ එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් භාරගෙන නායකත්ව මණ්ඩලය ට ඇතුළත් වීම සඳහා ය.නමුත් ඔහු පක්ෂය ට බඳවා ගැනීමට එරෙහිව දැඩි ලෙස කරුණු දක්වා ඇති ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීන් පිරිසක් සජිත් ප්‍රේමදාස ට කියා ඇත්තේ සර්පයන් පක්ෂය ට වැද්ද නොගත යුතු බව ය.

හර්ෂ එළිපිටත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් පුද්ගලිකවත් සජිත් ට සිය චම්පික විරෝධය ප්‍රකාශ කර තිබුණහ.එහෙත් එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා පමණක් චම්පික බඳවා ගත යුතු බව දැඩිව අවධාරණය කර ඇත .ගිය වර මහ මැතිවරණයෙන් චම්පික රණවක ට හිමි වූයේ මනාප ජන්ද 65,000 ක් සහ කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ පස් වැනි ස්ථානයයි.එවැන්නෙකුගෙන් පක්ෂය ට ඇති ප්‍රයෝජනය කුමක්දැයි චම්පික විරෝධී මන්ත්‍රීන් ප්‍රශ්න කර තිබේ .පක්ෂ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර ද චම්පික බඳවා ගැනීමට එතරම් කැමැත්ත ක් දක්වා නැතැයි සඳහන් වෙයි .

Leave a reply: