ෆේල් වූ සංස්ථා මණ්ඩල ලොක්කන් ගැන විමර්ශන

ගත වූ වසරක කාලයක් තුළ රජය අපේක්ෂා කළ මහජන සේවාවන් සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ රාජ්‍ය සංස්ථා මණ්ඩල හා බැංකු ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ගැන ආණ්ඩුව රහසිගත විමර්ශනයක් ආරම්භ කර තිබේ .

වත්මන් රජය බලයට පත් වූ පසු විද්වත් කමිටුවක නිර්දේශ මත මෙම ආයතන ප්‍රධානීන් පත් කළේ වසරක ඉලක්කයක් ලබා දෙමිනි .දැන් එම වසර හමාරය .එසේම එලෙස පත් කළ ආයතන ප්‍රධානීන් රැසකටම චෝදනා ද එල්ල විය.බොහෝ දෙනා තම තමන්ගේ පෞද්ගලික අරමුණු උදෙසා මිස රජයේ පැවැත්මට උදව් නොකරන බවට ද කතා පැතිරෙමින් තිබේ .තමන් පත් වුණේ විද්වත් කමිටුවෙන් එම නිසා එම කමිටුවේ ලොක්කන් කියන දේ මිස විෂය භාර ඇමැතිවරයා කියන දේ නොකරන්න ට පුරුදු වූ සමහර ආයතන ප්‍රධානීන් නිසාද තත්ත්වය අවුල් වී ඇත .ඇතැම් ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනවල ලොක්කන් ගේ ගනුදෙනු ද දැඩි විමර්ශනය ට භාජනය වී තිබේ .

ඇතැම් ආයතන ප්‍රධානීන් මහජන ඉල්ලීම්වලට කන් නොදෙන තත්ත්වයක් ද හටගෙන ඇත .ටෙන්ඩර් හා කොන්ත්‍රාත් ප්‍රදානයේදී සමහරුන් දූෂණ ක්‍රියා කළ බවද වාර්තා වෙයි .මේ තත්ත්වය ගැන ලැබුණු පැමිණිලි අනුව දැන් සිදුවන විමර්ශනයෙන් පසු රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රබල වෙනස්කම් සිදු කෙරෙන බව රාජ්‍ය ආරංචි මාර්ග කියයි .

Leave a reply: