ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ෆොන්සේකාට සහ හිරුනිකාට පොහොට්ටුව විරෝධය.

සුදු වෑන් මාෆියාවක් ගැන බොරු කතා පතුරුවමින් ජනතාව නොමඟ යවන හිටපු ඇමැති ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංවිධානය දැඩි විරෝධය පළ කරයි .

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ දී තමන් ආරක්ෂක ඇමති වූ පසු රාජපක්ෂවරුන් මැදමුලන නිවසේ හතරකොනේ එල්ලන බවට ත්‍රස්තවාදී සහ සාපරාධී කතා කියමින් භීෂණය වපුරන්නට හැදූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙයට පෙර සුදු කොඩි නඩුවේ දී සිර දඬුවම් ලැබූවෙකි. පසුගිය ජනපතිවරණ වේදිකාවේ දී අශීලාචාර සහ අසභ්‍ය වචන භාවිතා කරමින් රාජපක්ෂවරුන්ට අපහාස උපහාස කළ ෆීල්ඩ් මාර්ෂල් වරයා දැන් නැවතත් සුදු වෑන් චෝදනාව නගන්නට පටන් ගෙන ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වීමට නොහැකි බැවින් එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වීමේ පටු අරමුණ ඇතිව බව පොදු ජන පෙරමුණ නීතිඥ සංවිධානය ප්‍රකාශ කරයි .

සුදු වෑන් පැහැර ගැනීම් ගැන වඩාත් හාස්‍යජනකම ප්‍රකාශය සිදු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසිනි .ඇය විසින් රාජපක්ෂවරුන්ට සුදු වෑන් මාෆියාවක් ගැන දිගින් දිගටම චෝදනා නැගුවද පසුගිය වසර පහක එජාප පාලන කාලය තුළ රාජපක්ෂවරුන්ගේ එම චෝදනා කිසිවක් අධිකරණය හමුවේ සනාථ කරගැනීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හැකිවූයේ නැත .එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද හා බලතල පාවිච්චි කරමින් දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කාමරයක දමා සිර කොට ඔවුන්ට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධව අධිකරණය හමුවේ චෝදනා ලබා තිබේ.එම නඩුව දැනටමත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවත්නා අතර ළඟදීම තීන්දුවප්‍රකාශ කිරීමට නියමිතය .එබැවින් මිනිසුන් පැහැරගෙන යාමේ චෝදනාවකට අධිකරණයේ නඩු පවරා ඇති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රාජපක්ෂවරුන්ගේ සුදු සුදු වෑන් මාෆියාවක් ගැනචෝදනා නැගීම විහිළුවක්වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඉදිරි පාර්ලිමේන්තු සභා වාරයේ දී හිරුණිකාගේ සහ පොන්සේකාගේ අභූත චෝදනා වලට නිසි ලෙස පිළිතුරු සැපයීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණපාර්ලිමේන්තු කණ්ඩායම බලාපොරොත්තු වන බව එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය. විශේෂයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගැන මෙතෙක් කිසිදු ස්ථානයක හෙළිදරව් නොවූ අපූරු තොරතුරු රැසක් පාර්ලිමේන්තුවේ දී ලිඛිත සාක්ෂි ද සහිතව ද සහිතව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Leave a reply: